Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චන්ද්‍රිකා අපකීර්තිමත් නායිකාවක්..පක්ෂ බලය අල්ලන කාලය නොවෙයි දැන් ගෙදර යන කාලයයි – එස්.එම්. චන්ද්‍රසේන කියයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් මේ වන විට දේශපාලන කටයුතුවලින් සමුගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරව මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දියුණු කරමින් කටයුතු කරන බවයි.

එසේම එම දියුණු කිරීම කඩාකප්පල් කිරීම චන්ද්‍රිකා මහත්මිය විසින් සිදු කරන බව චන්ද්‍රෙස්න මහතා චෝදනා කර සිටි.

වත්මන් දේශපාලන කරුණු සම්බන්ධයෙන් මැදිහත් නොවී සිටීම වඩා සුදුසු බව හෙතෙම පැවසිය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට පසුගිය කාලයේ පුදුම ගෞරවයක් තිබු බවත් පසුගිය කාලය තුළ ඇයගේ හැසිරිම බණ්ඩාරනායක පවුලට අපකීර්තියක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ක්‍රමයෙන් දියුණු වෙමින් තිබු රට කුමන්ත්‍රනය කර විනාශ කළ බවත් 10 දෙනෙකු ඇය හා යන බව වාර්තා වන බවත් එසේ න පිරිස බත් කන අය නොවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();