Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලනිප ලොකු පුටුවල වෙනසක්: ගිය අයට යළිත් ආ හැකියි

පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලින් අනතුරුව පැවැත්වෙන සම්මේලනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉහළ තනතුරුවල වෙනසක් ඇති විය හැකි බව එහි මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2019 ජනවාරි මස මුල් සතියේ සිට පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු තවදුරටත් ශක්තිමත් කරන බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැරගිය මන්ත්‍රිවරුන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා අදහස් දක්වමින කියා සිටියේ පක්‍ෂය හැරගිය පිරිස් තවමත් සිය පක්‍ෂය සමඟ කතාබහ කරමින් කටයුතු කරන බවයි.

පෙනෙන ආකාරයට ඔවුන් බොහෝදෙනෙක් ආපසු පක්‍ෂයට පැමිණිය හැකි බව ද මහ ලේකම්වරයා කියා සිටියේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();