Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙමළාට ප්‍රශ්ණයක් තියේද, දෙමළු අවුල්ද …? : ඔවු: නැහැ

පොස්ට් වගයක් යනවා දැක්කා, දෙමළාට කෙලෙහිගුණ නැහැ කියල. බොහෝදුරට මෙවැනි අදහස් තියෙන්නේ දෙමළුන් සමග සමීපව ආශ්‍රය නොකළ අයට. ඇත්තටම “මේ මොහොතේ” අපිට ගැටුම තියෙන්නේ, සාතිශය බහුතරයක් දෙමළුන් සමග නොව, ඉතා සුළු පිරිසක් වූ වෙල්ලාල දේශපාලන සහ විශේෂයෙන් සරණාගත විසා පදනම මත ඉන්න ඩයස්පෝරාව සමග බව තෙරුන් ගැනීමට කාරුණික වන්න [1]. බටහිර සහ ඉන්දියාව මේ තත්වයට පිඳුරු දමමින් ගැටුම ඔවුන්ටත් වාසි වන ලෙසට ප්‍රශ්ණය වැඩි කරමින් සහ හසුරවමින් ඉන්නවා.

මුව හමට තඩි බානවා වගේ අහිංසක දෙමළාට දොස් තියල වැඩක් නැහැ. ඔවුන් මේ මර උගුලෙන් එයින් මුදවා ගැනීමේ වගකීමේ ඇත්තේ මහජාතිය වන අපිට.

ඒ නිසා අවතැන් වූ දෙමළාට කෙළෙහිගුණ නැහැ කියමින් දොස් තැබීම කිරීම පලක් මම දකින්නේ නැහැ. එහෙම බැලුවොත් මොන සමාජයේත් අඩු වැඩි නරක සහිත මිනිසුන් ජීවත්වෙනවා.

සාපේක්ෂව බැලු විට, මුළු ලෝකෙන්ම සිංහලුන්ට සංස්කෘතික වශයෙන් වැඩියෙන්ම නෑකම් කියන්නේ දෙමළුන්ට. පුද්ගල වශයෙන්ද ඔවුන් ඉතාම දියුණු තත්වයන් නියෝජනය කලද, දේශපාලන උවමනා මත ගොඩ නගන සමුහ ක්‍රියාකාරකම් වලදී ඔවුන්ව නොමග යැවීම බහුල වශයෙන් සිදුවෙනවා. එක අතකට ඒ දෙමලු අවංක වැඩි නිසා රැවටෙන නිසා වෙන්නත් පුළුවන්.

මේ සියළුම දෙනාට හැරෙන තැපෑලෙන් දිය හැකි පිළිතුර වෙන්නේ, හැකි සෑම විටම දේශපාලනයෙන් ව්‍යුක්තව අප අතර සන්නිවේදන පරතරය නැති කිරීමට කටයුතු කරන්න, ඒ වෙනුවෙන් වැඩ කිරීම පරම යුතුකමක් ලෙස සලකන්න, සහ ඒ වෙනුවෙන් වැඩ යෝජනා කරන්න.

[1] දෙමළාට දෙමළ වීම නිසාම ප්‍රශ්ණයක් තිබේද…? : “ඔවු”

सिरूवीर ठकिर्ल


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();