ජාත්‍යන්තර ක්‍රිකට් සමුලුවේ දූෂණ මර්දන නිලධාරීන් හමුවූ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියේය. ජාත්‍යන්තර ක්‍රිකට් සමුලු දූෂණ මර්දන ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් මහතා සහ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අතර පැවැති සාකච්ඡා ඉතා සාර්ථකව අවසන් වූ බව ඒ මහතා පැවැසීය. පසුගිය කාලයේ ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ලවූ චෝදනා හා ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනා සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය ගැනත් දෙපාර්ශ්වය සාකච්ඡා කොට ඇත.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් සමුලුවේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරියෙක් ලබන ජනවාරියේ සිට වෙනම කාර්යාලයක සේවය ආරම්භ කිරීමට සූදානම් බව ඇමැතිවරයාට දැනුම්දී ඇත. එමගින් ක්‍රිකට් දූෂණ චෝදනා හා ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනා නොමැති පිරිසිදු තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වනු ඇතැයි ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
“ජාත්‍යන්තර ක්‍රිකට් සමුලුවේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමග කළ සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මා හට සුබවාදී වාර්තාවක් භාර දුන්නා. ඉදිරියේදී අප සමග වැඩ කිරීමට දූෂණ මර්දන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ශ්‍රී ලංකාවට පත් කළා. ඉදිරි වැඩ කටයුතු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් සමුලුවේ සභාපතිවරයා මා මුණ ගැසෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දූෂණයෙන් තොර ජයග්‍රාහී මාවතක් කරා ගෙන යෑමට මා කැපවී කටයුතු කරනවා” ඇමැතිවරයා පැවැසීය.
0 Comments