ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 151කට සීමා කිරීමට ජස්ප්‍රීට් බුම්රා ප්රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.
තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 7කට ලකුණු 443ක් ලබාසිටියදී පළමු ඉනිම අත්හිටවූ ඉන්දියාව ඊයේ තෙවැනි දිනයට තරගය නතර කරනවිට දෙවැනි ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 54ක් රැස්කර තිබිණි. ලකුණු 292ක පළමු ඉනිමේ වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරැඹු ඉන්දියාව කඩුලු 5ක් අතැතිව ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 346ක් ඉදිරියෙන් පසුවෙයි.
හනුමා විහාරි ලකුණු 13ක් රැස්කළ අතර පළමු ඉනිමේ ශතකයක් රැස්කළ චේටෙස්වර් පුජාරා සමගින් නායක විරාට් කෝලි ලකුණු ලබාගැනීමට පෙරත්, අජින්ක්‍යා රහානේ එක් ලකුණකට සහ රෝහිත් ෂර්මා ලකුණු 5කට දැවී ගියහ. දැවී ගිය පිතිකරුවන් 5 දෙනාගෙන් සිවුදෙනකු පැට් කමින්ස්ට ගොදුරු වුහ.
මාකස් හැරිස් සහ නායක ටිම් පේන් ලකුණු 22 බැගින් රැස්කරමින් ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභීන් වුහ. විශිෂ්ට පන්දු යැවීමක නිතරවූ ජස්ප්‍රීට් බුම්රා සිය ටෙස්ට් තරග දිවියේ ඉහළම පන්දු යැවීමේ දක්ෂතාව ලෙස ලකුණු 33කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.
අද තරගයේ සිවුවැනි දිනයයි.
ඉන්දීය පළමු ඉනිම - 443/7යි. චෙටේස්වාර් පුජාරා 106, විරාට් කෝලි 82, මයන්ක් අග්‍රවාල් 76, රෝහිත් ෂර්මා නොදැවී 63 (පැට් කමින්ස් 72/3)
ඔස්ට්‍රේලියා පළමු ඉනිම - 151යි. (ජස්ප්‍රීට් බුම්රා 33/6)
ඉන්දීය දෙවැනි ඉනිම - 54/5යි. (පැට් කමින්ස් 10/4)
0 Comments