Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඈෂ්ලි ද සිල්වා CIDයට.

Ashly_De_Siva

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා  ප්‍රකාශයක් ලබා දීම සඳහා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව සඳහන් වේ.

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල්වලින් කොටසක් හොංකොං හි ආයතනයකට ගෙවීමට සූදානම්ව තිබියදී අවසන් මොහොතේ එම වංචාව අතටම අසු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ උසස් නිලධාරියකු චෝදනාවට ලක්වූ අතර පසුව ඔහුගේ කාමරයට මුද්‍රා තබා ඇත.

එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව ඇති තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා වන ඈෂ්ලි ද සිල්වා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබී ඇතැයි පැවසේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබේ.

The post ඈෂ්ලි ද සිල්වා CIDයට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();