Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රුපියලට වඩා “රාජපක්ෂවරු” අවප්‍රමාණය වෙලා.

 Akila_Viraj
රුපියලට වඩා ‘රාජපක්ෂවරු’ අවප්‍රමාණය වී ඇති බව බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසා සිටී.  කටුපොත පොලිස් ස්ථානය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
1994 වසරේ වත්මන් අග්‍රාමාත්‍යවරයා රජය බාර දෙන අවස්ථාවේදී ඩොලරයක් සඳහා ගෙවිය යුතු අගය රුපියල් හතලිස් නවයක් බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙහිදී පැහැදිලි කළේ. එමෙන්ම 2001 වසරේ යළිත් රජය බාර  ගන්නා විට ඩොලරයක් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 93 දක්වා ඉහළ ගොස් තිබූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
2004 වසරේ යළිත් එක්සත් ජාතික පක්ෂය රජය බාර දෙන අවස්ථාවේදී ඩොලරයේ අගය රුපියල් 96ක් වූ අතර 2015 වසරේ යළිත් රජය බාර ගන්නා විට එය රුපියල් 144 දක්වා ඉහළ ගොස් තිබූ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්මෙ හිදී පෙන්වා දුන්නේය.
2005 වසරේ ජනාධිපති වූ අවස්ථාවේ මහරජාණන් ලෙස හැඳින්වූ මහින්ද රාජපක්ෂ 2015 වසරේ  අවප්‍රමාණය වී පරාජය ව වූ බවත් පසුව අගමැති තනතුර සඳහාත් පසුව විපක්ෂ නායක තනතුර ලබා ගැනීම සඳහාත් උත්සාහ කළ ද එහිදීත් අවප්‍රමාණය වූ බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.
ඒ අනුව බලන විට රුපියලට වඩා රාජපක්ෂවරු පසුගිය කාලයේ අවප්‍රමාණය වූ බවයි ඔහු එහිදී කියා සිටියේ.

The post රුපියලට වඩා “රාජපක්ෂවරු” අවප්‍රමාණය වෙලා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();