Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුමින්ද සිල්වා පෝරකයටම..

Duminda_Silva

භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට කොළඹ මහාධිකරණය ලබාදුන් මරණ දඬුවම, ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර තිබේ. මරණ දඬුවම නියමව සිටි එක් විත්තිකරුවෙකු වන අනුර තුෂාර ද මෙල් නිදහස් බවත් සඳහන් වේ.

2011 වසරේ ඔක්තෝබර් 08 වෙනිදා බස්නාහිර පළාත් සභා ඡන්දය පැවති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර  ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ චූදිතයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු තවත්  12 දෙනෙකුට අධිචෝදනා පත්‍ර භාර දුන්නේ 2015 වසරේ අප්‍රේල් මස 01 වෙනිදාය. ඒ, අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට එරෙහි නඩුව විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබුවේ, 2015 අගෝස්තු මස 04 වෙනිදාය. මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා වූ අතර සෙසු විනිසුරුවරුන් ලෙස පද්මිණී රණවක ගුණතිලක සහ එම්.සී.බීඑස්. මොරායස් පත් කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධ නඩු විභාගය 2015 වසරේ අගෝස්තු 06 වෙනිදා කොළඹ මහාධිකරණයේදී ආරම්භ වූ අතර, විත්තිකරුවන් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 12 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මොවුන්ට නගා තිබූ චෝදනා වූයේ, 2011 ඔක්තෝබර් මස 08 වෙනිදා අංගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී රැස්වීමකට සම්බන්ධ වී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම, රාජු උරුගේ ගාමිණි නමැත්තා ඝාතනයට තැත් කිරීම, එදින ඡන්දය භාවිත කිරීමට පැමිණ සිටි පිරිස ගිනි අවි පෙන්වා සාපරාධී ලෙස බිය ගැන්වීම, නීති විරෝධී රැස්වීමකට සම්බන්ධවීම යනාදී කරුණුය.

අදාළ සියලු චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් අධිකරණය හමුවේ කියා සිට ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩිතබා මරාදැමීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම වූයේ, 2016 වසරේ සැප්තැම්බර් 08 වෙනිදාය.

එම තීන්දුවට ඒරෙහිව ඉදිරිපත් කල අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2017 වසරේ නොවැම්බර් 27 වෙනිදා තීරණය කළ අතර, එම පෙත්සම් විභාගය 2018 වසරේ මාර්තු මස 29 දින පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී ආරම්භ විය.

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට පැනවූ මරණීය දණ්ඩන නියෝගය අහෝසි කර සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා සහ තවත් සිව් දෙනෙකු ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම් පිළිබඳ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කට ඇත.

The post දුමින්ද සිල්වා පෝරකයටම.. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();