ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායක ආර්. සම්බන්දන්ගේ නියෝජිතයා ලෙස මහින්ද පිලේ චමල් රාජපක්ෂ නම් කර ඇති බව සඳහන් වේ. චමල් රාජපක්ෂ හිටපු කතානායකවරයෙකුද වන අතර ව්‍යවස්ථාදායක සභාවේ පසුගියදා ඇතිවු පුරප්පාඩු සදහා ඔහුගේ නම විපක්ෂ නායකවරයා විසින් කතානායකවරයා වෙත නම්කර යවා ඇති බව පැවසේ.
ව්‍යවස්ථා සභාව නියෝජිතයින් 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර කතානායක, අගමැති සහ විපක්ෂ නායක ඊට නිල බලයෙන් පත්වෙති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ඇමැති මහින්ද සමරසිංහ මීට පෙර පත් කර තිබිණි.
අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟත්වයෙන් සිවිල් සමාජ ක්රියාකාරිකයන් තිදෙනෙකු ව්‍යවස්ථා සභාවට පත්කල යුතු අතර එසේ පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය ජයන්ත ධනපාල, සෞදි ආරාබියේ හිටපු ශ්‍රී ලංකා තානාපති නීතිඥ ජාවෙඩ් ජුසුප් සහ කොළඹ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් යන අය නම් කර තිබේ.
ව්‍යවස්ථා සභාවට පත් කෙරෙන අගමැතිවරයාගේ නියෝජිතයා ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළද පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙත් පක්ෂ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ද නම් කර ඇත.
The post ව්‍යවස්ථාදායක සභාවට ආර්. සම්බන්දන්ගේ නියෝජිතයා ලෙස චමල් රාජපක්ෂ නම් කරයි. appeared first on Lanka News Column.
0 Comments