තේ, පොල්, රබර් එකතු කරහම ඇගලුම්වලට වඩා විදේශ විනිමයක් මේ ක්ශේත්‍ර තුනෙන් මාතෘ භූමියට ලැබෙන බව වැවිලි කර්මාන්තය ගැන චෝදනා කරන කට්ටියට කියන්න කැමති යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියේ පොල් වගාකිරීමේ මණ්ඩලයේ බැණ්ඩියමුල්ල, ගම්පහ පිහිටි ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය ඩ්‍රෝන තාක්ෂණයට එළඹීමේ සමාරම්භය සහ මධ්‍යම මයිටා විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට අවස්ථාව සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මේ දවස්වල නොයෙකුත් කතා යනවා. භාරකාර ආන්ඩුවක් කියලා. ඕනෑම ආන්ඩුවක් පිහිටුවන්න පාර්ලිමේන්තුවේ බහුතරය අවශ්‍යයි. ඉතින් අපේ බහුතරය ගැන අපිට 200%ක් ශුවර්. ඒ ගැන කිසිම සැකයක් නැහැ. අපේ 113 නෙවෙයි අපිට වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාවහම 122ක් තිබුනා. ඒකටත් ඔබ්බට යන්න පුලුවන් තත්වයක් දැන් තියෙනවා. අන්තිමටම ඔය කුමන්ත්රනවලට වැඩිය ජනතාවගේ චන්දයෙන් තමයි ආන්ඩුවක් පිහිටවිය යුත්තේ. ජනතාවගේ හඩ ඒකයි. ජනතාවට ඕනෑම නායකයෙක්ට දේශපාලන පක්ෂයකට ජන්දයක් දෙන්න පුලුවන්. අපි ආන්ඩුවක් හැටියට අපේ දේශපාලන ව්‍යාපාරය කරනවා. පොහොට්ටුව ඒගොල්ලන්ගේ එක කරයි අන්තිමට ජනතාව තමයි රජා. මම විශ්වාස කරන්නේ ඒකයි. කුමන්ත්රනවලින් තොරව ආන්ඩුව පිහිටවීම. දෙක මගේ තාත්තත් ඇතුලත්මුදලි මැතිතුමත් නොයෙක් අවස්ථාවල දේශපාලන නායකයෝ හැටියට රහස් සාකච්චා කරලා තියෙනවා. නායකයන්ට අයිතියක් තියෙනවා ඒක කරන්න. ඒක අපි ප්‍රශ්න කරන්නේ නැහැ. නමුත් මමනම් පොඩ්ඩක් හිනා වෙන්නේ අපේ තාත්තලත් එක්ක අපි පුන්චි කොල්ලෝ හැටියට ඔය සාකච්චා වලට ගියා. මේවා පත්තරවල ගියේ නෑ. ඒව රහස් සාකච්චා. තැනකට ගිහිල්ලා සාකච්චා කරනවා. යම්කිසි දේවල්වලට එකග වෙනවා, සමහර දේවල්වලට එකග වෙන්නේ නැහැ. ඒවා රහස් හැටියට තියෙනවා. මෙතන වෙලා තියෙන්නේ හිටපු ජනාධිපතිවරයත් ඉන්න ජනාධිපතිවරයාත් කතා කරන දේ දවස් තුනකට පස්සේ පත්තරේ යනවා. කවුද මේවා ලීක් කරන්නේ මම අහන්න කැමතියි. ඉතින් ඒක ලීක් කරලා තියෙන්නේ අපේම ප්‍රදේශයේ උඩරට මිටි දේශපාලඥයෙක්. මම කියන්න කැමතියි ඉස්සල්ලත් එතුමා අමාරුවෙ වැටුනා එතුමගෙ කට නිසා. මේ පාරත් මම කියන්නේ නායකයෝ දෙපල ප්‍රවේසම් විය යුතුයි මේ වගේ කට්ටියත් එක්ක සම්බන්ධ වීම ගැන. එච්චරයි මට කියන්න තියෙන්නේ. මොකද ඕකෙන් හානිය වෙන්නේ ඔබතුමන්ලට ඒ කට්ටියට නෙවෙයි. මොනවා උනත් අපිට ඕන ජනතාවට සෙතක් වෙන්න. ”
පොල් වගා කරුවන් හැටියට කප්රුක සමිතිවල සාමාජිකයන් හැටියට තමුන්නාන්සේලාට විශේෂ වගකීමක් තියෙනවා පොල් ක්ශේත්‍රය සම්බන්ධව. අපි බොහෝ විට පොල් ගහ කියලා සාමාන්‍ය විදියට හිතුවත් අද නූතන ලෝකයේ පොල් වගාවට ඉහල වටිනාකමක් තිබෙනවා විශේෂයෙන්ම බටහිර රටවල්වල. අද පොල් වලට කියන්නේ සුපර් ෆුඩ් කියලා. එවැනි මිල අධික ඉහල ගුනාත්මක භාවයක් සහිත බෝගයක් බවට අද බටහිර රටවල් වල පුරවැසියන් අලුත් දැනුමත් ලබාගෙන සිටින අවස්ථාවක තමයි අපි සිටින්නේ. අද ඒ රටවල පුරවැසියන් ස්වභාවික දේවල්වලට විශාල ඇල්මක් දක්වනවා. එම නිසා අපිට හොද අවස්තාවක් තිබෙනවා මීට වඩා පොල් ආශිත භාන්ඩවලින් ඉහල වටිනාකමක් විදේශ විනිමයක් ගන්න. අපට තිබෙන මූලික ප්රශ්නය තමයි අපිට ඒ නිශ්පාධනය නැති එක. තේවල නිෂ්පාධනය අඩු වුනා ගිය අවුරුද්දේ. දැන් ඒක හොද තත්වයකට ඇවිල්ල තිබෙනවා. පොල්වලත් ගිය අවුරැද්දේ නියගය නිසා හිගයක් තිබ්බා. එම නිසා පොල් ගෙඩිය රුපියල් 85ට වැඩි වුනා. කියන්න සතුටුයි මේ අවුරුද්දේ පොල් ගෙඩි මිලියන 2900ක් පමණ ලබාගන්න පුලුවන්. එම නිසා මේ අවුරුද්දේ සහ ලබන අවුරුද්දේ සිට අපිට ඉලක්ක සහගතව අපිට ඉදිරියට යන්න පුලුවන්. අපි බලාපොරොත්තු වෙනවා පොල් වගා කිරීමේ මණ්ඩලය හා අනෙකුත් සෙසු ආයතන මේ සදහා අපිට විශාල දායකත්වයක් ලබා දෙයි කියලා. පොල් වගා කිරීමේ මණ්ඩලය ඇතුලු අපේ ආයතන වල සියලු දෙනාම සති 2,3 කට වරක් පොල් ක්ශේත්‍රය සම්බන්ධව සාකච්චා කරන්න, තිබෙන ගැටලු නිරාකරණය කරන්න එකතු වෙනවා. අමාත්‍යවරයෙක් හැටියට මම බොහෝ දුරට උත්සාහ කරන්නේ ඒ අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුව හදන්න. දිසිදි තෙල් කර්මාන්ත කරුවන් පොල් ගෙඩියම ලංකාවට ගේන්න කියලා කියනවා. මම පැහැදිලිවම බෑ කිවුවා මොකද විශේෂයෙන්ම පොල් වගා කරුවන් ඒකට විරුද්ධයි. ඒ වගේම පලිබෝද ඇතුලු වෙන්න පුලුවන් අපේ රටට. පොල් ක්ශේත්‍රයේ සියලු දෙනාම ඒකට විරුද්ධ නිසා අපි කිවුවා. කොහොමත් මේක කරන්න බෑ කියලා. ලංකාවේ පාරිබෝගිකයාට සාධාරන මිලක් ලබා දෙන අතර අපනයන ක්ශේත්‍රයට අවශ්‍ය පොල් ගෙඩි ප්‍රමානය ලබා දීමටත් අපි කටයුතු කල යුතුයි. ඒ නිසයි අපි නිශ්පාධනය වැඩි කල යුත්තේ. ඒ නිසයි අපි උතුරු නැගෙනහිර දිස්ත්‍රික්කවල මේ පොල් වගාව ව්‍යාප්ත කරන්නේ.
වැවිලි කර්මාන්තය ගැන චෝදනා කරන කට්ටියට මම කියන්න කැමතියි ඇගලුම් තිබුනත් තේ පොල් රබර් එකතු කරහම ඇගලුම්වලට වඩා විදේශ විනිමයක් මේ ක්ශේත්‍ර තුනෙන් මාතෘ භූමියට ලැබෙනවා කියලා. 1979 ජේ ආර් ජයවර්ධන මැතිතුමා රබර් ආයෝජන කලාපවලට ගේන්න කටයුතු කලා. අමු රබර් ගෙනල්ලා අද ටයර් හදනවා ග්ලවුස් හදනවා. මේවා යුරෝපයට, ඇමරිකාවට යවනවා. අද ඇමරිකානු ඩොලර් බිලියනයකට වැඩිය අපිට විදේශ විනිමය ලැබෙනවා මේ භාන්ඩවලින්. සමහර කට්ටිය කියනවා අපේ තේ මිල වැඩියි කියලා. සමහර විදේශ වෙලදපොලවල් ආක්‍රමණය කරන්න බැහැ කියලා. ඒකෙ ඇත්තකුත් තියෙනවා. නමුත් අපිට කිසිසේත්ම පිටරටින් බාල තේ ගේන්න ඉඩ දෙන්න බැහැ. මොකද වැඩිම මිලක් තේ වෙන්දේසියෙන් ලැබෙන්නේ අපේ සිලෝන් ටී වලට. අවුරුදු 150ක් ගියත් අපේ තේ ටික අපි ආරක්ෂා කරගෙන තියෙනවා.
අද දින අපි ලැබ් එකක් විවෘත කරා. අද පොල් ක්ශේත්‍රයට ඩ්‍රෝන තාක්ෂනය ලබා දෙනවා. මම හිතනවා සභාපතිතුමාගේ නායකත්වයෙන් අද මේ පටන්ගන්නා මූලික පියවර ඉදිරියට ගෙනියන්න පුලුවන් වෙයි කියලා. මම හිතනවා අපේ රට ඉතාමත්ම ඉක්මනින් සංවර්ධනය කරන්න පුලුවන් වෙයි කියලා. ඒකට අවශ්‍ය පියවරවල් පහ,හයක් ගන්න අවශ්‍යයි. පලවෙනි පියවර තමයි අධ්‍යාපන ක්ශේත්‍රයේ ඒ අවශ්‍ය වෙනස්කම් ටික කිරීම. තමුන්නාන්සේලා දැන ගත යුතුයි අපේ දරුවන් ලක්ෂ 2ක් පමණ උසස්පෙල කරනවා එක්ලක්ෂ අසුදහකට පමන විශ්ව විද්‍යාලවලට යන්න ලැබෙන්නේ නැහැ. එක්ලක්ෂ අසුදහකට මොනවද වෙන්නේ. සාමාන්‍ය පෙල කරලා එතනත් ලක්ෂයක් එලියට හැලෙනවා. දැන් අවුරුදු හැට ගානක් අපි මේ විදියට යනවා. උසස්පෙල තියෙනවා, සාමාන්‍යපෙල තියෙනවා. මේක සුද්දා ගෙනාව ක්‍රමයක්. අපි අලුතින් හිතන්නට ඕන මේ අද්යාපන ක්‍රමය අපිට අවශ්‍යද කියලා. විශේෂයෙන්ම මේ කලාපයෙ තිබෙන සිංගප්පූරුව, කොරියාව, මැලේසියාව වැනි රටවල් වෙනත් අධ්‍යාපන ක්‍රම හදුන්වාදීලා තිබෙනවා. එකක් තමයි නිරන්තරයෙන්ම දරුවව බලාගන්න එක විභාග අඩු කරලා චරිත ශක්තිය වැඩි කරන එක. අපි මේ ගැන සිතිය යුතුයි. මම හිතන්නේ මේ රටේ ජනාධිපති වෙන පුද්ගලයා අධ්‍යාපන අමාත්‍යාංශය භාරගත යුතුයි. එහෙම කරලා අධ්‍යාපනයේ රැඩිකල් වෙනසක් ඇති කල යුතුයි. තමුන්නාන්සේලා දන්නවා ඇති දරුවන්ට බොහෝදුරට උසස්පෙල සමත් වුනත් ඔවුන්ට වෙලදපොලේ රැකියාවක් ගන්න ඉතාමත් අමාරුයි. ප්‍රැක්ටිකල් නැහැ කියලා කියනවා. නොයෙකුත් චෝදනා කරනවා මෙම අධ්‍යාපන ක්‍රමය හරහා අපගේ දරුවන්ට සාධාරනයක් වෙන්නේ නැහැ කියලා. අලුත් විදියට අපි හිතන්න අවශ්‍යයි. එදා 1977 මගේ පියා මහවැලි ව්‍යාපාරය කරනකොට අවුරුදු හයකින් ඒක නිම කරන්න කිවුවා. ගොඩක් කට්ටිය කිවුවා මේක සිහිනයක් කියලා. මම ඉරිදා දෙහිඅත්තකන්ඩියේ හිටියේ. මම ඇත්තටම පුතෙක් වශයෙන් සතුටු වුනා. මගේ පියා එදා ඒ ගත්ත පියවරවල් නිසා අද අලුත් ශිෂ්ටාචාරයක් බිහි වෙලා පාරවල් ටික එතුමා හැදුවා. වියලි කලාපය තෙත් කලාපයක් කලා. එවැනි දේශපාලන තීරන ගන්න අවශ්‍යයි. එදා ඒ තීරනය ගත්තේ නැත්නම් අපේ විදුලි ධාරිතාවය දෙගුනයකින් වැඩි වෙන්නේ නැහැ. අපේ ආහාර නිශ්පාධනය වැඩි වෙන්නේ නැහැ. අපිට රටක් හැටියට, පුරවැසියන් හැටියට පුරවැසි හඩක් අවශයයි මේ රටේ. පුරවැසියා නිහඩයි. දේශපාලඥයෝ අවශ්‍ය තීරන ගන්නවා. කතා කරනවා, පුරවැසියා මොකද කියන්නේ. අද තරුන පරම්පරාවට ඉන්ටර්නෙට් තිබෙනවා සමාජ ජාල තිබෙනවා. මේ හරහා තමන්ගෙ හඩ අවදි කරන්න අවශ්‍යයි.
අපගේ අයවැයෙන් මේ අවුරැද්දේ පොල් වගා කිරීමේ මණ්ඩලයට මේ අවඅරුදු 60 ගානට ප්‍රතම අවස්ථාව හැටියට මිලියන 2000ක් ලබා දීලා තියෙනවා. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියටත් මිලියන 2000ක් ලබා දීලා තිබෙනවා.
අපි ඉහලම නයක් පොලියක් ගෙවන අවුරුද්ද තමයි ලබන වසර 2019. ඇමරිකානු ඩොලර් බිලියන හතරක්. මේ තමුන්නාන්සේලාගෙ බදු මුදල්වලින් මේ ණය ගෙවන්නේ. ඒ මුදල අපිට පුලුවන්නම් මිනිස්සුන්ට දෙන්න. පාරවල්, ඉස්කෝල, ඉස්පිරිතාල හදන්න. කොච්චර වැඩක් කරන්න පුලුවන්ද. ඉතින් ඒ ගත්ත ණය ප්‍රමාණය ගෙවන එක ආන්ඩුවක් හැටියට අපේ යුතුකමක්. 2019න් පසුව ඉතාමත් හොද කාල සීමාවක්, විශේෂයෙන් ජනතා සහන ලබාදෙන්න පුලුවන් හොද කාල සීමාවක් එයි කියා මම විශ්වාස කරනවා. මගේ නායකත්ව මොඩල් එක තමයි මම ඒ ආයතනවලට විශේෂ දක්ෂ කට්ටිය පත් කරලා මම වැඩිය ඇගිලි ගහන්න යන්නෙ නැහැ. ඔවුන්ට භාර දෙනවා ඒ ආයතන කරන්න, නායකත්වය දෙන්න. මොකක්හරි ගැටලුවක් තිබෙනවානම් මම මැදිහත් වෙනවා. මම හිතනවා මේ ගමනේදී කන්ඩායමක් හැටියට වැඩ කල යුතුයි කියලා. තනි ස්වරූපයකින් නොව ජයග්‍රාහී මාවතකට යන්න අපි කියන හැගීම තියෙන්න ඕන යැයි පැවසීය.
The post ඇගලුම්වලට වඩා විදේශ විනිමයක් තේ, පොල්, රබර් ක්ශේත්‍ර තුනෙන් මාතෘ භූමියට ලැබෙනවා – ඇමති නවීන් කියයි. appeared first on Lanka News Column.
0 Comments