Ticker

6/recent/ticker-posts

Header Ads Widget

16 වැනිදා උසාවි එන්නැයි වෛද්‍ය සභාවට නොතීසි.

court-hammer

තමන් වෛද්‍යවරියක ලෙස ලියාපදිංචි කරන්නැයි  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අධිකරණයෙන් තීන්දුවක් දී තිබියදී එය ක්‍රියාත්මක නොකිරීමෙන් එම සභාව අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් සයිටම් වෛද්‍ය උපාධිධරයකු ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන නොවැම්බර් 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් අභියාචනාධිකරණය අද (11) වෛද්‍ය සභාවට එරෙහිව නොතීසි නිකුත් කර තිබේ.

සයිටම්  වෛද්‍ය උපාධිධරයකු ලියාපදිංචි කිරීමට ලබාදුන් අධිකරණ තීන්දුව කියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි කියමින් එම උපාධිධාරි වෛද්‍ය සිසුවිය ගොනු කළ පෙත්සමක් සළකා බලමින් අභියාචනාධිකරණය මෙලෙස නොතීසි නිකුත් කර ඇත.

අභියාචනාධිකරණ සභාපති පී. සූරසේන සහ අර්ජුන් ඔබේසේකර යන  විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

The post 16 වැනිදා උසාවි එන්නැයි වෛද්‍ය සභාවට නොතීසි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();