ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර විසින් අරලියගහ මන්දිරයේදී පැවති ලෝක ළමා දින ජාතික උත්සවය අමතමින් සිදුකල ෆේස්බුක් විරෝධී ප්‍රකාශය ශ්‍රී ලංකා පරිවර්තන සමුහය තරයේ හෙලා දකින බව පවසමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින්,
ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර විසින් අරලියගහ මන්දිරයේදී පැවති ලෝක ලමා දින ජාතික උත්සවය අමතමින් සිදුකල ෆේස්බුක් විරෝධී ප්‍රකාශය ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස අප සංවිධානය තරයේ හෙලා දකිමු. තවද එතුමිය විසින් සදහන් කල ආකාරයට චීනය වැනි රටවල් ෆේස්බුක් ඇතුළු බටහිර සමාජ මාධ්‍ය ජාල අඩවි අවහිර කොට ඇත්තේ එම රටවල ළමා පරපුරට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මගින් එල්ල වන හානිය වැළැක්වීමට පමණක්ය.එහෙත් එතුමිය නොදන්නා කරුණක් නම් එසේ බටහිර සමාජ මාධ්‍ය අඩවි චීනය වැනි රටවල අවහිර කර ඇත්තේ එම රටවල ආර්ථිකමය වටිනාකමකින් යුක්ත තොරතුරු තම රටින් හැකිතාක් දුරට පිටතට යාම වැළැක්වීමට එමගින් විදේශ රටවල් කරා ඇදී යන ධනය එරට තුල රදවා ගැනීමට සහ එම රටවල ඔවුන්ට ආවේනික වූ සමාජ මාධ්‍ය අඩවි නිර්මාණය කර තිබීම නිසා බටහිර සමාජ මාධ්‍ය අඩවි භාවිතය අත්‍යවශ්‍ය නොවීම නිසා හා එවැනි එරට ස්ථාපිත සමාජ මාධ්‍ය ජාල අඩවි සහ යෙදුම් වලට එම රජයන්හි පුර්ණ සහයෝගය ලැබීම නිසා බවද අප ශ්‍රී ලංකාවේ වැදගත් තාක්ෂණික සංවිධානයක් වශයෙන් එතුමියට මතක් කරදීමට කැමැත්තෙමු..තවද මෙසේ විවිධ උත්සව අවස්ථාවන් හිදි කිසිදු සොයාබැලීමකින් තොරව පදනම් විරහිත කරුණු භාවිතා කරමින් එහි පැමිණ සිටින ජනතාව නොමග යන සුළු ප්‍රකාශ සිදු නොකරන ලෙසටත් අප කාරුණිකව එතුමියට දැනුම් දෙමු.
රජය විසින් ෆේස්බුක් තහනමකට සුදානම් වනවා නම් ඊට විසදුම් ලෙස භාවිතා කිරීමට හැකි ශ්‍රී ලංකාවට ආවේනික වෙනත් සමාජ මාධ්‍ය ජාල අඩවි ශ්‍රී ලංකා රජය සතුදැයි හෝ එවැනි සමාජ වෙබ් අඩවි නිර්මාණය කිරීමට හැකි පුද්ගලයන් හා එවැනි ව්‍යාපෘති සදහා ආයෝජනය කිරීමට ප්‍රමාණවත් ආයෝජකයන් ප්‍රමාණයක් සිටීදැයි ප්‍රථමයෙන් රජය විසින් මහජනයාට දැනුම් දියයුතු කරුණක් බව අප විශ්වාස කරමු.තවද රජය විසින් ෆේස්බුක් ඇතුළු සියලුම සමාජ මාධ්‍ය ජාල අඩවි සියල්ලක්ම පාහේ විවිධ මැති ඇමතිවරුන් යොදවා අවහිර කරනවා යැයි විවිධ අවස්ථාවල විටින් විට පවසා ජනතාව බියගැන්වීමකට ලක් කිරීම ජනමාධ්‍ය වාරණයක් ලෙස අප සමුහය දකිමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය
SRI LANKAN TRANSLATION COMMUNITY
CONTACT- +9411951779 ( rajeev.yasiru@gmai.com )
The post ළමා හා කාන්තා කටයුතු ඇමතිනීගේ ෆේස්බුක් තහනම් යෝජනාව ජනමාධ්‍ය වාරණයක් ! එය තරයේ හෙලා දකිමු.. appeared first on Lanka News Column.
0 Comments