ඉදිරි දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රහසේම හමුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප නොකරන බව සඳහන් වේ.
ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් ගේ නිවසේ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අවස්ථා කිහිපයකදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ජා පැවැත්වූ බවයි. විපක්ෂයේ වගකීම ආණ්ඩුව පෙරළීම වන හෙයින් ඊට අදාළව දීර්ඝ වශයෙන් සාකච්ජා කළ බවද ඔහු පවසා ඇත.
The post මෛත්‍රී හමුවුණ බව මහින්ද ප්‍රතික්ෂේප නොකරයි. appeared first on Lanka News Column.
0 Comments