සියලු තොරතුරු ජනපතිට හා අගමැතිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රයේ දූෂණ හා වංචා සෙවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යධිකාරි ඇලෙක්ස් මාෂල් ඇතුළු කණ්ඩායමක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ විමර්ශන කටයුතු අරඹා ඇතැයි අයි.සී.සී.ය නිවේදනය කළේය. මෙරට ක්‍රිකට් ක්ෂේත්රය තුළ පැතිරී ඇතැයි කියන දූෂණ හා වංචා පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇතැයි ද අයි.සී.සී.ය කියයි.
විමර්ශන කටයුතු ඉදිරියටත් සිදුකෙරෙන බැවින් මේ පිළිබඳ වැඩි දුරට තොරතුරු ප්‍රකාශ කළ නොහැකි බව කියන ඇලෙක්ස් මාෂල් සියළු කරුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා මහත්වරුන්ට සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇතැයි නිවේදනයක් මගින් සඳහන් කළේය.
මේ විමර්ශන කටයුතු සංචාරක එංගලන්ත කණ්ඩායම සමග ලබන 10 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන එක්දින තරගාවලියට බල නොපාන බවත් පවසයි.
එසේ වුවත් ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම්වල ක්‍රීඩකයන් දූෂණ හා වංචා සම්බන්ධව වැඩිදුරටත් දැනුවත් කිරීමට අයි.සී.සී. දූෂණ විරෝධි ඒකකයේ සාමාන්‍යධිකාරිවරයා පියවර ගෙන තිබේ.
දෙපිලේ ක්‍රීඩකයන්ට පිටස්තර පුද්ගලයන් සමීපවීම වැළැක්වීම සඳහා විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂක රැකවරණ ලබාදී ඇතැයි ද වාර්තා වෙයි.
0 Comments