රන්දීර් රුද්රිගූ පදනම සංවිධාන කළ ශ්‍රී ලංකාවේ මුල්ම රාත්‍රී පාපැදි සවාරියේ ජය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජනක හේමන්ත කුමාර දිනා ගනියි. ජයග්‍රාහී ජනක හේමන්තට රුපියල් ලක්ෂයක් සමග කුසලානය පිරිනැමුණි. ගම්පහ දිස්ත්‍රික් පදනමේ සහයෝගයෙන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්ෂණයෙන් පෙරේදා අලුයමදී නිමාව දුටු මේ පාපැදි සවාරිය ඇලකන්ද රන්දීර් රුද්රිගූ පදනම අසලින් ආරම්භවී කිලෝමීටර් 105ක් දුරට ධාවනය විය. නාවික හමුදාවේ ජනක හේමන්ත මේ තරගය පැය 2: 24. 51කින් නිමාකළ අතර ඔහුට තියුණු සටනක් දුන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිදූෂ් නිරන්ත පැය 2: 24. 58කින් දෙවැනි ස්ථානයට පත්වූ අතර ඔහුට රුපියල් 75000ක් පිරිනැමුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මධුසංඛ ප්‍රනාන්දු පැය 2: 24. 58කින් තෙවැනි ස්ථානයට පත්වූ අතර ඔහුට හිමිවූ තෑගි මුදල රුපියල් 50000කි. එයට අමතරව මධුසංඛ ප්‍රනාන්දු දක්ෂතම යොවුන් පාපැදි ශූරයාට හිමි සම්මානය හා රුපියල් 25000ක මුදල් ත්‍යාගය හිමිකර ගත්තේය.
සිවුවැනි ස්ථානයේ සිට 15වැනි ස්ථානය දක්වා මුදල් තෑගි පිරිනැමීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබූ අතර පස්වන වටය අවසානයේ හා දහවන වටය අවසානයේ ස්ප්‍රින්ට් පළමු දෙවැනි හා තෙවැනි ස්ථාන වෙනුවෙන් පිළිවෙලින් රුපියල් 15000ක්, 10000ක් හා 5000ක් බැගින් පිරිනැමුණි.
තරගකරුවන් 108ක් සහභාගීවූ මේ රාත්‍රී පාපැදි සවාරිය තරගකරුවන් 20ක් අවසන් කළ අතර තරගය ඇලකන්දෙන් ආරම්භවී පල්ලියවත්ත පාලම පසුකර අල්විස් ටවුන් ක්‍රීඩාංගණය ඉදිරිපිටින් හේකිත්ත පාරට හැරී මීගමුව පාර ඔස්සේ හැදල හංදියට ගොස් නැවැත ආරම්භක ස්ථානය හරහා ධාවනය විය.
තරග ප්‍රතිඵල මෙසේය:
1. ජනක හේමන්ත - නාවික හමුදාව ( පැය 2: 24. 51), 2. නිදූෂ් නිරන්ත - ශ්‍රී ලංකා වරාය අධිකාරිය (පැය 2: 24. 58), 3. මධුසංඛ ප්‍රනාන්දු - ගුවන් හමුදාව (පැය 2: 24. 58), 4. ප්‍රසාද් දර්ශන - නාවික හමුදාව ( පැය 2: 24. 58), 5. සංජූ දීමන්ත - ගුවන් හමුදාව (පැය 2: 24. 58), 6. බුද්ධික වර්ණකුලසූරිය ගුවන් හමුදාව (පැය 2: 24. 58), 7. සුපුන් පියුමාල් - සම්පත් (පැය 2: 25. 00), 8. ඩේන් නුගේරා - ගුවන් හමුදාව (පැය 2: 25. 15), 9. ප්‍රදීප් ඉරෝෂන් - යුද හමුදාව (පැය 2: 26. 54), 10. සමන් කුමාර - නාවික හමුදාව (පැය 2: 26. 58)
0 Comments