Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රීලනිපය, එජාපයත් එක්ක සිටින තාක්කල් තමන් කිසිසේත් ඔවුන් සමඟ එක්නොවන බව හිටපු ජනපති කියයි.

president-mahinda-rajapaksa-newsfirst-626x380
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සිටින තාක්කල් තමන් කිසිසේත්ම ඔවුන් සමග එක් නොවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  පවසයි. විකල්ප ආණ්ඩුවක් හදනවා මිස මේ ආණ්ඩුවට එක්වීමක් සිදු නොවන බව ඊයේ මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළේය.
දැනටමත් තමන් සඳහා පක්ෂ දෙකක් ඇති බවත් ඉන් එක් පක්ෂයක සභාපතිධූරය තමන් විසින් මේ වන විටත් දරන බවත්  එහි ලේකම්ධූරය හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න යැයි කී මහින්ද රාජපක්ෂ තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
‘මේ ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ ආගමක් නොමැති රටක් බිහි කරන්නයි. බුදු දහම නැති කරන තත්වයක් අද උදාවී තිබෙනවා. දහම් පාසල් පන්සල් ඉදිකරන විට විවිධ කමිටුවලින් අවසරගත යුතුයි. බුදුදහම විකෘති කොට පොත් ලියනවා. බුදුදහමට හානිකරන නාට්‍යය පාසල්වල ප්‍රදර්ශනය කරනවා. සමස්ත රටම පිළිගන්නා කාදිනල්තුමාට ප්‍රසිද්ධියේ අපහාස කරනවා. මෙවැනි විකෘති තත්ත්වයක් ආණ්ඩුව විසින් නිර්මාණය කරනවා.’ යැයි පැවසීය.

The post ශ්‍රීලනිපය, එජාපයත් එක්ක සිටින තාක්කල් තමන් කිසිසේත් ඔවුන් සමඟ එක්නොවන බව හිටපු ජනපති කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();