Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිරුණිකා වරද පිළිගැනීමට සූදානම්.

Hirunika Pema

තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබූ බවට චෝදනා කරමින් තමාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වරද පිළිගෙන කෙටියෙන් අවසන් කිරීමේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  සිය නීතිඥවරයා මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට දන්වා ඇතැයි වාර්ථා වේ.

එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන්  ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

මෙම නඩුව අද(08) විභාගයට ගැනීමට නියමිතව තිබුණත් විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායිකාව වරද පිළිගෙන මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමේ සූදානමක් පවතින බවයි. ඒ පිළිබඳව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර අධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන මෙන් ද විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් නඩුව නැවත දෙසැම්බර් මස 11 කැඳවීමට නියම කර ඇති අතර එදිනට එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් ද විත්තිය නීතිඥවරයාට දැනුම් දී තිබේ.

2016 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරන අමිල ප්‍රියංක නැමති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා ඔහුට පහර දුන් බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ ආධාරකරුවන් අට දෙනෙකුට එරෙහිව මෙම නඩුව පරා තිබුණි. නඩු විභාගය අතර වාරයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාර කරුවන් ලෙස නම් කර තිබූ විත්තිකරුවන් 8 දෙනෙකු වරද පිළිගත් අතර ඔවුන්ට අධිකරණය මඟින් අත්හිටවූ සිර දඬුවම් හා දඩයක්  මීට පෙර නියම කරනු ලැබුවේය.

The post හිරුණිකා වරද පිළිගැනීමට සූදානම්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();