Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කලම්බු මැරතන් තරගය සියලු ගෞරව යළිත් කෙන්යාවට

Author(s): 
ගීෂා මුණසිංහ

ශ්‍රී ලංකාවේ සනත් කුමාර සිවුවැනි තැනට

ලංකා ස්පෝර්ට්ස්රයිසන් 18 වැනි වරටත් සංවිධාන කළ කලම්බු මැරතන් තරගයේ පිරිමි තරග අංශයේ ජයග්‍රහණය අත්කර ගැනීමට පසුගිය වසරේ ජයග්‍රාහක කෙන්යාවේ ජේම්ස් ටයිලාම් සමත්විය. ඔහු පැය 2කුත්,මිනිත්තු 21ක් සහ තත්පර 52කින් තරගය නිමා කරමින් පසුගිය වසරට වඩා හොඳ කාලයක් පෙන්නුම් කරමින් ශුරයා බවට පත්විය. ඔහු පසුගිය වසරේ දැක්වූ දක්ෂතාව පැය 2කුත්, මිනිත්තු 23ක් සහ තත්පර 37කි.

රටවල් 45ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6500ක් තරග වැදුණු18 වැනි කලම්බු මැරතන් තරගය ඊයේ දහවල් මීගමුවේ වෙරළ තීරයේ දී නිමාවට පත්විය.මෙවර තරගය සුපුරුදු පරිදි කෙන්යාවේ ආධිපත්‍යයට නතුවූ අතර පිරිමි තරගයේ පළමු ස්ථාන 3ම කෙන්යානු ක්‍රීඩකයන් විසින් දිනාගන්නා ලදි. දෙවැනි ස්ථානය පැය 2කුත්, මිනිත්තු 21ක් සහ තත්පර 58කින් තරගය නිමා කළ ස්ටීවන් මුන්ගතියා මුගාබේ දිනාගත් අතර තුන්වැනි ස්ථානය හිමිවූයේ පසුගිය වසරේ තරගයේ දෙවැනි ස්ථානය දිනූ පීටර් කේටර්ටය. ඔහු පැය 2කුත්, මිනිත්තු 22ක් සහ තත්පර 30කින් තරගය නිමාකළේය.

ශ්‍රී ලංකාවේ අමිල සනත් කුමාර පැය 2කුත්, මිනිත්තු 25ක් සහ තත්පර 35කින් තරගය නිමාකරමින් සිවුවැනි ස්ථානය දිනාගත්තේය. එහි පස්වැනි ස්ථානය පැය 2කුත්, මිනිත්තු 27ක් සහ තත්පර 07කින් තරගය නිමා කළ ජී.කේ.කේ.එස්.ටී.ගුණසේකරට හිමිවිය. ඔහු පසුගිය වසරේ තරගාවලියේදී සිවුවැනි තැන අත්කරගත් ක්‍රීඩකයා විය. මෙවර තරගයේ 6 වැනි ස්ථානය ආර්.ඒ.පී.ඩී.අරුණසිරි සහ 7 වැනි තැන ඩබ්.ඩී.පී.එස්.නිරෝෂන දිනාගත්හ.

පිරිමි තරගයේ මෙන්ම කාන්තා තරගයේ ජයග්‍රහණයත් කෙන්යාවට හිමිවිය. කෙන්යානු ක්‍රීඩිකා මාගරට් එන්ජුගුනා පැය 2කුත්, මිනිත්තු 52ක් සහ තත්පර 54කින් තරගය නිමා කරමින් පළමු ස්ථානය දිනාගනිද්දි දෙවැනි ස්ථානය අත්කරගනු ලැබුවේ කෙන්යාවේ එමිලි ජෙප්කොච් විසිනි. ඇය තරගය නිමා කළේ පැය 2කුත්, මිනිත්තු 53ක් සහ තත්පර 49කින් තරගය නිමා කරමිනි. ඔවුන් දෙදෙනා පසුගිය වසරේ තරගයේදී පිළිවෙළින් දෙවැනි හා තුන්වැනි ස්ථාන දිනූ ක්‍රීඩිකාවෝ වෙති.

ශ්‍රී ලංකාවේ එම්.එස්.පී.එම්.පෙරේරා මෙවර කාන්තා තරගයේ තුන්වැනි ස්ථානයට පත්වූවාය. ඇය පැය 2කුත්, මිනිත්තු 53ක් සහ තත්පර 49කින් තරගය නිමා කළාය. එම්.ඒ.එන්.කේ. ප්‍රනාන්දු පැය 3කුත්, මිනිත්තු 2ක් සහ තත්පර 55කින් තරගය නිමාකරමින් සිවුවැනි ස්ථානය දිනාගත් අතර බී.ජී.එල්.ඒ.බෝගහවත්ත පැය 3කුත්, මිනිත්තු 3ක් සහ තත්පර 29කින් තරගය නිමා කර පස්වැනි ස්ථානයට පත්වූවාය.

මීට සමගාමීව පැවැති අර්ධ මැරතන් තරගයේ පිරිමි තරග ඉසව්වේ පළමු ස්ථාන 5ම ශ්‍රී ලංකාවට හිමිවීම විශේෂත්වයකි. එහි පළමු ස්ථානය පැය 1කුත්, මිනිත්තු 9ක් සහ තත්පර 37කින් තරගය නිමාකළ ඩී.ජී.ඩී.සඳරුවන්ට හිමිවූ අතර දිලුක්ෂ කාරියවසම් පැය 1කුත්, මිනිත්තු 10ක් සහ තත්පර 17කින් තරගය නිමාකරමින් දෙවැනි ස්ථානයට පත්විය. තුන්වැනි ස්ථානය දිනාගනු ලැබුවේ පැය 1කුත්, මිනිත්තු 11ක් සහ තත්පර 7කින් තරගය නිමා කළ ප්‍රියංකර ප්‍රීතිරාජ් විසිනි.

අර්ධ මැරතන් කාන්තා තරගය පැය 1කුත්, මිනිත්තු 25ක් සහ තත්පර 13කින් තරගය නිමා කළ අමෙරිකාවේ අමන්දා ජැංග් දිනාගත්තාය. එහි දෙවැනි ස්ථානය පැය 1කුත්, මිනිත්තු 27ක් සහ තත්පර 23කින් තරගය නිමාකළ ක්‍රිෂ්ණ කුමාරිට හිමිවිය. ඉන්දියාවේ දේවිකා භක්ෂි පැය 1කුත්, මිනිත්තු 43ක් සහ තත්පර 13කින් තරගය නිමා කර තුන්වැනි තැනට පත්වූවාය.

 

ඡායාරූප
සුලෝචන ගමගේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();