Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජන ජීවිතය සමග සූදුකෙළීමට පාලකයින්ට ඉඩදිය යුතු නැහැ – අනුර කුමාර දිසානායක.

JVP_Anura_02

පාලකයින්ට අපේ රටේ ආර්ථිකය සමඟ ජනතාවගේ ජන ජීවිතය සමඟ සෙල්ලම් කිරීමට සූදු කෙළීමට ඉඩදිය යුතු නැති බවත්  බඩුමිල වැඩි කරමින් බදු බර වැඩි කරමින් ජනතාව පෙළන මෙම ආණ්ඩුවට එරෙහිව ජනතා සටනක් දියත් කළ යුතුව තිබෙන බවත් ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ජනතාව දැනුවත් කරමින් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක,

වර්තමාන ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා අපේ රටේ ආර්ථිකය බරපතළ ලෙස කඩා වැටීමකට ලක්වෙලා තිබෙනවා. 2015 ජනවාරි 08 බලයට පත් වර්තමාන ආණ්ඩුව ජනතාවට දුන් එකඟතාවය වුණේ ජීවත්වීමට සරිලන ආර්ථිකයක් ගොඩනගන බවයි. ජීවන වියදමට සරිලන ලෙස ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කරන බවයි. ජනතාවගේ හිස් සාක්කු පුරවන බවත් මෝටර් බයිසිකලයෙන් ගියපු අයට කාර් එකක් ගන්නත් තරුණ තරුණියන්ට රැුකියා දශ ලක්‍ෂයක් දෙන්නත් ආර්ථිකය ගොඩනගනවා කියලා රනිල් කිව්වා. ජනතාව තුළ විශාල බලාපොරොත්තුවක් ගොඩනැගුවා. ජනතාව අතර මතයක් තිබුණා, එක්සත් ජාතික පක්‍ෂ පාලනයකින් රටේ ආර්ථිකය ගොඩ යනවා කියලා. නමුත් පසුගිය වසර තුන හමාර තුළ රටේ ආර්ථිකය විනාශයකට ඇද දමන්න වර්තමාන පාලනය කටයුතු කර තිබෙනවා. ජනතාව විශාල ආර්ථික ගැටලූවලට මුහුණ දෙමින් ඉන්නවා.

ආණ්ඩුවට තවදුරටත් රුපියල කඩා වැටීම පාලනය කරගත නොහැකි වී තිබෙනවා. යෝජනා කරන කි‍්‍රයාමාර්ග අසාර්ථක වෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ණය උගුලින් හා ණය බරින් මිදෙන්න කිසිදු වැඩපිළිවෙළක් ඔවුන්ට නැහැ. ජනතාව තව තවත් ණය උගුලක හිර කරමින් තිබෙනවා. 1978 සිට එක්සත් ජාතික පක්‍ෂ පාලනයේ උපාය මාර්ගය වුණේ ජාතික සම්පත් අලෙවි කිරීමයි. වර්තමාන ආණ්ඩුවත් එම ප‍්‍රතිපත්තියට යළි අවතීර්ණ වෙලා. ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටුකරදීමට පවා නොහැකිවී තිබෙනවා. ජනතාවගේ මූලික අවශ්‍යතාවලට අදාළ භාණ්ඩ හා සේවා මිල සියල්ල ඉහළ දමා තිබෙනවා. බස් ගාස්තු, ඉහළ දමා තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දමමින් තිබෙනවා. පසුගිය මාස හතරක කාලය තුළ ඞීසල් ලීටරයක මිල රු. 95 සිට රු. 123 දක්වා 30%කින් ඉහළ දමා තිබෙනවා. දුම්රිය ගාස්තු 15%කින් ඉහළ දමනවා කියලා ආණ්ඩුව කිව්වත් ඇතැම් දුම්රිය ස්ථාන අතර ගාස්තුව 35%-40%කින් වැඩිවෙලා. වැඩිවෙන දුම්රිය ගාස්තුවේ ප‍්‍රතිශතය පවා කියාගන්න බැරි තරමට ආණ්ඩුව අසමත්වී තිබෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම නිසා ග‍්‍රාමීය ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් පවා ඉටුකර ගන්න බැරි තරමට ව්‍යසනයකට මුහුණ දීලා. දේශීය ආදායම් පනත මගින් බදු ඉහළ දමා තිබෙනවා. ටෙලි නාට්‍ය නිෂ්පාදකයින්ගෙන්, සාහිත්‍ය නිර්මාණවලින් ඇතුළු සියලූම සේවාවල බදු වැඩිකිරීම තමයි ආණ්ඩුවේ එකම ආර්ථික උපායමාර්ගයවී තිබෙන්නේ.

මෙම ආර්ථික අර්බුදයට ආණ්ඩුව කරන යෝජනා අසාර්ථකවී තිබෙනවා. ඔවුන් යෝජනා කරන්නේ ආනයනික භාණ්ඩ සීමා කිරීමයි. වර්තමාන ආණ්ඩුවට සදාචාර අයිතියක් තිබෙනවාද ආනයන සීමා කරන්න? රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාට ලක්‍ෂ 5993ක් වැය කරලා වාහන දෙකක් ගෙන්නුවා. එක වාහනයක මිල ලක්‍ෂ 3,000කට ආසන්නයි. ඔහු එම වාහනයෙන්ද ගමන් කරන දුර ප‍්‍රමාණය කීයක්ද?. අරලිය ගහ මන්දිරයේ සිට පාර්ලිමේන්තුවට එන්නෙත් හෙලිකොප්ටරයෙන්. කි. මී. 50-60ක දුරක්වත් ඔහු එම වාහනයෙන් ගමන් කරන්නේ නැහැ. එවැනිම වාහන දෙකක් ජනාධිපතිවරයාටත් ගෙනාවා. ඒ වගේම ඇමතිවරු ඇමතිධුරය ලැබුණු වහාම නව වාහන මිලදී ගත්තා. එම වාහනවල මිල ලක්‍ෂ 400, 480, 720 වැනි මිල ගණන්. අමාත්‍යාංශවල කාර්යාල වෙනුවෙන් අධික මිල ගණන් දීලා තමන්ගේ හිතවතුන්ගේ, නෑදෑයන්ගේ කාර්යාල මිලදී ගත්තා. අදත් ඇමතිවරු විශාල ප‍්‍රමාණයක් විදේශ සංචාරවල නිරත වෙනවා. සතියකට දෙකකට සැරයක් ඔවුන් රට සවාරි යනවා. ජනාධිපතිවරයා විදෙස් සංචාරවලට විශාල පිරිසක් රැගෙන යනවා. පහුගියදා ඔහු නිරත වූ සංචාරයට 63ක පිරිසක් පවුලේ ඥාතීන්, කාර්ය මණ්ඩලය සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් රැගෙන ගියා. මේ විදිහට රටේ නායකයින් විශාල නාස්තිකාර වියදම් කරනවා.

ආණ්ඩුව කියනවා, වාහන ගෙන්වීම සීමා කරනවා කියලා. එයට මන්තී‍්‍රවරුන්ගේ පර්මිට් ඇතුළත් කර තිබෙනවා. ඒ ප‍්‍රකාශය තරම් හාස්‍ය ප‍්‍රකාශයක් තවත් නැහැ. මොකද, මන්තී‍්‍රවරුන් පත්වූ ගමන්ම කරන්නේ පර්මිට් දෙන එකයි. එයට දැන් වසර 3ක් ගතවෙලා තිබෙනවා. ජවිපෙ මන්තී‍්‍රවරුන් හැර අනෙක් සියලූම මන්තී‍්‍රවරුන් පර්මිට් එකට ගන්න පුළුවන් අධිකම මිල සහිත වාහනය ගෙන්වනවා. ඇතැම් වාහන ලක්‍ෂ 450 ඉක්මවනවා. දැන් පර්මිට් නතර කිරීම මන්තී‍්‍රවරුන්ට වලංගු නැහැ. එය බලපාන්නේ රාජ්‍ය සේවකයින්ටයි. ඇතැම් පුද්ගලයින් පර්මිට් එකෙන් නව වාහනයක් ගෙන්වීමේ අරමුණින් පැරණි වාහනය විකුණලා තිබෙනවා. දැන් ඔවුන්ට පැරණි වාහනත් නැහැ. අලූත් වාහනයත් නැහැ. ආණ්ඩුවේ මැති ඇමතිවරු අධි සුඛෝපභෝගී පරිභෝජනවාදී ජීවිතයක් ගත කරමින් ජනතාවට පටි තදකරගන්න කියනවා. ඒක හරියට මහ කකුළුවන් ඇදයට යන ගමන් පොඩි එවුන්ට කෙලින් යන්න උපදෙස් දෙනවා වගේ.

ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සමනය කිරීමට ආණ්ඩුව ගන්නා ක‍්‍රියාමාර්ග අසාර්ථක වෙනවා පමණක් නොව ඒ මගින් ආර්ථික අර්බුදය තවදුරටත් වැඩි වෙමින් රට අගාධයට ඇදගෙන යනවා. ආණ්ඩුව කිවුවේ අපේ රට සිංගප්පූරුවක් කරනවා කියලා. නමුත් ඔවුන් අනුගමනය කරපු විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය අසාර්ථක බව වසර 40කට පස්සේ ඉතා හොඳින් පෙන්වා දී තිබෙනවා. එම නිසා මෙම පාලකයින්ට අපේ රටේ ආර්ථිකය සමඟ ජනතාවගේ ජන ජීවිතය සමඟ සෙල්ලම් කිරීමට සූදු කෙළීමට ඉඩදිය යුතු නැහැ. බඩුමිල වැඩි කරමින් බදු බර වැඩි කරමින් ජනතාව පෙළන මෙම ආණ්ඩුවට එරෙහිව ජනතා සටනක් දියත් කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ජනතාව දැනුවත් කරමින් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා. එහි පළමු පියවර ලබන 23වැනිදා කොළඹින් ආරම්භ කරනවා. බඩු මිල වැඩි කිරීමට, බදු බර ඉහළ දැමීමට එරෙහිව ගොවි ජනතාව, වැඩ කරන ජනතාව, තරුණ බලවේග සමඟ දැවැන්ත විරෝධතා කි‍්‍රයාමාර්ගයක් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෑත කාලයේ ජනතා විරෝධතාවයන් නාඩගමක් බවට පත්වුණා. විරෝධයන් විනෝදයන් බවට පත් කළා. එම නිසා මෙම ජන පීඩක ආණ්ඩුවට එරෙහිව සැබෑ ජනතා විරෝධයක් පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා එක්වෙන ලෙස පීඩාවට පත්වන සියලූ දෙනාට අපි ආරාධනය කරනවා යැයි පැවසීය.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් ජවිපෙ අනුර කුමාර,

වර්තමාන අර්බුදයට විසඳුමක් ලෙස පැරණි කණ්ඩායමට පැරණි නාටකයම යළි දිග හැරීමට ඉඩ දිය යුතු නැහැ. රාජපක්‍ෂ පාලනය පසුගිය වසර 10 තුළ අපේ රට ණය කන්දක හිර කළා. ආනයන අපනයන පරතරය සෘණ තත්වටය ගෙනාවා. කෝටි ප‍්‍රකෝටි ගණන් ණය වෙලා ඉතාමත් අසාර්ථක මහා පරිමාණ ව්‍යාපෘති සිදුකළා. රටේ සම්පත් විකුණලා දැම්මා. එනිසා වර්තමාන අසාර්ථක පාලකයින් වෙනුවට තවත් අසාර්ථක පාලකයින් පිරිසක් ගෙන ඒමෙන් මෙම අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. මේ මංකොල්ලකරුවන් වෙනුවට තවත් මංකොල්ලකරුවන් පිරිසක් බලයට ගෙන ඒම උත්තරය නෙවෙයි. මේ දෙගොල්ලන්ම අනුගමනය කරන ආර්ථික ක‍්‍රමය වෙනුවට විකල්පයක් අවශ්‍ය වෙලා තිබෙනවා. වර්තමාන ආණ්ඩුව භාවිත කරන මෙම ආර්ථික ක‍්‍රමයට එරෙහිව තමයි ජනතා විමුක්ති පෙරමුණ අරගල කරන්නේ.

පාලකයින් තමන්ගේ බැරිකම වහගන්න යුද්ධය පාවිච්චි කළා. ජනතාවත් ඒක විශ්වාස කළා. තරුණයින්ට රැකියා දෙන්න බැරිවුණේ, පාසැල්වලට පහසුකම් දෙන්න බැරිවුණේ, රෝහල්වලට පහසුකම් දෙන්න බැරිවුණේ යුද්ධය නිසා කියලා පාලකයින් ජනතාවට ප‍්‍රකාශ කළා. නමුත් දැන් යුද්ධය අවසන් වෙලා වසර 10කට ආසන්න කාලයක් ගතවෙලා තිබෙනවා. යුද්ධය අවසන් වෙලා අවුරුදු 06ක්ම රට පාලනය කළේ මහින්ද රාජපක්‍ෂයි. දැන් වසර තුන හමාරකට අධික කාලයක් යුද්දය නැතිව වර්තමාන ආණ්ඩුව රට පාලනය කරනවා. ඔවුන් යුද්ධය ඇති කාලයේත් නැති කාලයේත් රට තුළ අර්බුද නිර්මාණය කළා. 2012දී තමයි වැඩිම ආනයන-අපනයන පරතරය වාර්තා වෙන්නේ. ඒ වගේම රුපියල අවප‍්‍රමාණය වීමේ වැඩිම ප‍්‍රතිශතය වාර්තා වෙන්නේ 2012 වර්ෂයේ. රාජපක්‍ෂ පාලන කාලය තුළ අසාර්ථකභාවය වසා ගැනීම සඳහා තමයි ඔවුන් නැවත නැවතත් යුද්ධය ඉස්මතු කරන්නේ.

මේ රටේ ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් සටන් කරලා තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපි. ජවිපෙ කාටවත් පේන්න උද්ඝෝෂණ කරන පක්‍ෂයක් නෙවෙයි. පහුගිය කාලයේ අවස්ථා දෙකකදී ඉන්ධන මිල වැඩි කළා. ඊට එරෙහිව ධීවර ජනතාව පාරට බැස්සේ. එම සටන් කි‍්‍රයාමර්ගවල හිටියේ ජවිපෙ ධීවර සමිතියි. ගොවි ජනතාවගේ වී විකුණා ගන්න බැරි ප‍්‍රශ්නවලදී, පොහොර සහනාධාරය කපන වෙලාවේදී, එළවලූ අස්වැන්න විකුණාගන්න බැරි වෙලාවේදී, පොල් ආනයනය කිරීමට ආණ්ඩුව තීරණ ගනිද්දී කිරි ගොවියන්ගේ ප‍්‍රශ්නවලදී පාරට බැහැලා සටන් කළේ ජවිපෙ ගොවි ව්‍යාපාරයයි. බාහිර උපාධීධාරීන්ට රැුකියා නොදෙන කොට රැුකියා විරහිත උපාධිධාරීන්ට රැකියා නැතිවෙනකොට සටන් කළේ ජවිපෙ තරුණ ව්‍යාපාරයයි. ඒ වගේම පරිසර ප‍්‍රශ්නවලදී ඒ වෙනුවෙන් අරගල කරන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. එනිසා වෙන වෙන මහත්තුරුන්ට පේන්න සටන් කරන්න අපිට වුවනාවක් නැහැ. ඒ මහත්තුරුන්ගෙන් සටන් පිළිබඳව ඉගෙන ගන්න අපිට වුවමනාවක් නැහැ. මේ ආණ්ඩුවට එරෙහිව ඇත්ත ජනතා විරෝධය කුළු ගැන්විය යුතුයි. එය ඉටු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. අනෙක් මහත්තුරුන්ගේ අණ බෙර අපිට වැදගත් වෙන්නේ නැහැ.

ආර්ථිකයේ මෙම අර්බුදය දිගු කාලීන අර්බුදයක්. 1977 අපේ රටට ධන වෙළඳ ශේෂයක් තිබුණා. නමුත් 1978 සිට වෙලඳ ශේෂයේ අර්බුදයක් නිර්මාණය කළා. නිෂ්පාදනය කඩා වැට්ටුවා. ඇඹිලිපිටියේ කඩදාසි කම්හල විකුණුවා, වහලා දැම්මා. හිඟුරාන සීනි කම්හල විකුණුවා, වහලා දැම්මා. තුල්හිරිය රෙදි කම්හල විකුණුවා, වහලා දැම්මා. වැලිසර කිරිපිටි සමාගම වහලා දැම්මා. සපුගස්කන්ද පොහොර ෆැක්ටරිය වහලා දැම්මා. සපුගස්කන්ද නයිලෝන් කම්හල වහලා දැම්මා. පුත්තලම සිමෙන්ති කම්හල, ඇලයාපත්තුව උළු කර්මාන්ත ශාලාව, ගිංතොට තුනී ලෑලි සංස්ථාව විකුණුවා, වහලා දැම්මා. අපේ රටේ විශාල අපනයන ආදායම් තිබුණු තේ වතු ඉන්දියානු ටාටා සමාගමට විකුණලා දැම්මා. ඔවුන් අද විශාල ආදායමක් ලබනවා. කොලඹ වරායේ ඩොලර් උල්පතක් වුණු දකුණු ජැටිය මහින්ද රාජපක්‍ෂ වික්කා. ජයබහළුම් පර්යන්තය චන්දි‍්‍රකාගේ කාලයේ පී.ඇන්. ඕ සමාගමට වික්කා. ඒ වගේම තෙල් සංස්ථාව සතුව තිබුණු නැව් තෙල් සේවාව විකුණලා දැම්මා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය අත්හැර දමා තිබෙනවා. ඉන්ධන මිල 60%ක් අඩුකරගත හැකිව තිබෙන පිරිපහදුව නවීකරණය කරන්න ආණ්ඩුව මුදල් වෙන් කරන්නේ නැහැ. මේ විදිහට පැවති ආණ්ඩු රටේ නිෂ්පාදනය කඩා දැම්මා. අද වාහන ගෙන්වන එක, පරිප්පු ගෙන්වන එක, මිරිස් ගෙන්වන එක නතර කරලා මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්කමක් නැහැ. එහෙම පුළුවන් කියලා හිතෙනවා නම් මංගල සමරවීරගේ මොළය පරීක්‍ෂා කළ යුතුව තිබෙනවා. ආර්ථිකය කඩා වැටීමේ ප‍්‍රතිවිපාක අත්විඳීමින් වර්තමාන ආණ්ඩුව තවදුරටත් අපේ රටේ නිෂ්පාදන කඩා වට්ටන සිංගප්පූරු වෙළඳ ගිවිසුම අත්සන් කරනවා. දෙසැම්බර්ව වනවිට එට්කා ගිවිසුම අත්සන් කරන බව අගමැති කියනවා. ඇතිවී තිබෙන ප‍්‍රතිවිපාකවලින්වන් වර්තමාන පාලකයින් පාඩම් ඉගෙන ගන්නේ නැහැ. ජනතාවට වියදම් පාලනය කරගන්න කියල මංගල සමරවීර ලැහැස්තිද තමන් පාවිච්චි කරන අති සුඛෝපභෝගී වාහන වෙනුවට සාමාන්‍ය වාහනයක් පාවිච්චි කරන්න? තමන් පාවිච්චි කරන බීම වෙනුවෙට සාමාන්‍ය බීමක් පාවිච්චි කරන්න ඔහු සූදානම්ද? විදෙස් සංචාරවලදී බිස්නස් ක්ලාස් වෙනුවට සාමාන්‍ය පංතියේ යන්න ඔහු සූදානම්ද?

රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත්වුණේ 2015 ජනවාරි 10වැනිදා. 2015 ජනවාරි පැවැත්වුණේ ජනාධිපතිවරයා තෝරන ඡුන්දයක්. නමුත් රනිල් වික‍්‍රමසිංහ අගමැති වුණේ කොහොමද? ඒ වෙලාවේ රනිල් වික‍්‍රමසිංහට තිබුණේ පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රධුර 42යි. ඒ වෙලාවේ මහින්ද රාජපක්‍ෂට තිබුණා, මන්තී‍්‍රධුර 142ක්. ඒ නිසා රනිල් වික‍්‍රමසිංහට අගමැති ධුරය දුන්නේ මහින්ද රාජපක්‍ෂයි. ඒ මොහොතේ ජනතා විමුක්ති ධුර 142ක් තිබුණා නම් අපි කීයටවත් රනිල් වික‍්‍රමසිංහට අගමැතිධුරය දෙන්නේ නැහැ. ඒ වෙලාවේ මහින්ද රාජපක්‍ෂලා අගමැතිධුරය රනිල් එක්ක ඞීල් කළා. තමන්ගේ වංචා-දූෂණ, අපරාධ ඝාතන වසා ගන්න අගමැතිධුරය රනිල් වික‍්‍රමසිංහට ප‍්‍රදානය කළා. මහින්ද රාජපක්‍ෂ රටට ප‍්‍රකාශයක් කළ යුතුව තිබෙනවා, තමන්ට මන්තී‍්‍රධුර 142ක් තබාගෙන රනිල් වික‍්‍රමසිංහට අගමැතිධුරය දුන්නේ ඇයි කියලා. මහින්ද රාජපක්‍ෂලාගේ ඞීල් එක නිසයි එදා රනිල් වික‍්‍රමසිංහ අගමැති වුණේ. ඒ බව මහින්ද වටේ ඉන්න සියලූ දෙනාත් රටේ ජනතාවත් දන්න දෙයක්.

අපේ රටෙ නියෝජ්‍ය පොලිස්පතිවරු කප්පම්වලට මිනී මැරුවා. අනුර සේනානායක නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ වසන් කිරීමේ වරදට සිරගත වුණා. හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය කුඩු ව්‍යාපාරික වෙළේ සුදාගෙන් ඉඩම් සහ ගෙවල් ගත් බව වර්තමාන පොලිස්පතිවරයා කියා තිබුණා. එම නිසා අපේ රටේ පොලිස්පතිවරු, නියොජ්‍ය පොලිස්පතිවරු, කුඩු මුදලාලිලා, පාතාල නායකයින් ඇසුරු කරනවා. අපරාධ වසන් කරනවා. ඔවුන් පාලකයින්ගේ වුවමනාවට කටයු තු කරනවා. මෙවැනි අතීතයක් තිබෙන පොලීසියේ ඉහළ නිලධාරීන් ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණවලට සම්බන්ධ වෙනවා කියන එකට සාධාරණ සැකයක් ඇතිවෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් කළ යුතුව තිබෙන්නේ ආණ්ඩුවයි.

The post ජන ජීවිතය සමග සූදුකෙළීමට පාලකයින්ට ඉඩදිය යුතු නැහැ – අනුර කුමාර දිසානායක. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();