Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්ධන බදු ඉවත් කර දුම්රිය ගාස්තු වහාම අඩු කරන්න.

Chandrajothi-himi

දුම්රිය දෙපාර්තමේන්තුවට බදු අය කිරීමෙන් තොරව ඞීසල් ලබා දී, අසාධාරණ ලෙස වැඩි කරන ලද දුම්රිය ගාස්තු වහාම අඩු කරන්නැයි දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය රජයට බල කර සිටී. පසුගියදා  පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම ව්‍යාපාරයේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමි මේ බව පැවසීය.

දුම්රිය ගාස්තු වැඩි කරන්නේ 15%කින් බව ආණ්ඩුව ප‍්‍රකාශ කළත් දුම්රිය ගාස්තු 30%ත් 35%ත් අතර අගයකින් ඉහළ දමා තිබෙන බවද උන්වහන්සේ පෙන්වා දුන්නේය.
2015 වසරේ සිට මේ දක්වා දුම්රිය සේවයට වෙන් කරන ලද මුදල 50%කින් කප්පාදු කර තිබෙන බවත් ඉන්ධන ප‍්‍රවාහනය, භාණ්ඩ ප‍්‍රවාහනය, දුම්රිය සතු ඉඩම් හා සංචාරක බංගලාවලින් ලද ආදායම් අහිමි කර දුම්රිය සේවය ස්වාභාවික මරණයකට පත් කරමින් සිටින බවත් පැවසූ චන්ද්‍රජෝති හිමි එලෙස පාඩු ලබන තත්වයට පත්ව තිබෙන දුම්රිය සේවයේ බර මගී ජනතාව මත පැටවීම හෙළා දකින බවද පැවසීය.

දුම්රිය ගාස්තු වහා පහත හෙළන ලෙසත් පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබා දෙන වාර ප‍්‍රවේශපත‍්‍රවල ගාස්තු අඩු කරන ලෙසත් ආණ්ඩුවට බල කරන බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

The post ඉන්ධන බදු ඉවත් කර දුම්රිය ගාස්තු වහාම අඩු කරන්න. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();