Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිල් රෙදි නඩුවේ අභියාචනා සලකා බැලේ.

 Lalith

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වසර තුනක සිර දඬුවම් ලබා සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත්කර තිබෙන අභියාචනා සලකා බැලීම සඳහා ලබන 12 වනදා කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළ බව සඳහන් වේ. මෙම අභියාචන පෙත්සම් අද(05) දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබ ඇත.

ඒ අනුව අදාළ අභියාචනා සලකා බැලීම ලබන 12  වනදා සිදු කරන බව සඳහන් කර ඇති විනිසුරුවරු එම නඩුවට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ පවතින සියලු ලේඛන එදිනට අභියාචනාධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා මෙන්  පාර්ශවකරුවන්ට නියම කර තිබේ.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 650 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා ගොනු කළ නඩුවකට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන විත්තිකරුවන් ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කර ලැබුවේය.

මහාධිකරණය විසින් එම දඬුවම් නියම කර ඇති ආකාරය නීතිවිරෝධී යැයි පෙන්වා දෙන ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන විත්තිකරුවන් එම දඬුවම් ඉවත්කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් සිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

The post සිල් රෙදි නඩුවේ අභියාචනා සලකා බැලේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();