Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2013 වන විට මත් කුඩු එහා මෙහා යන මධ්‍යස්ථානයක් බවට මේ රට පත් වෙලා තිබුණා – ඇමතිනිය කියයි.

 

Minister_Thalatha_05

2013 වන විට මත් කුඩු එහා මෙහා යන මධ්‍යස්ථානයක් බවට මේ රට පත් වෙලා තිබුණ බවත් ඒ නිසාම අද  මත් කුඩු ගම්වල පැතිරී ඇති බවත්  අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ ප්‍රකාශ කර සිටී.  අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ මහනුවර අධිකරණයේ නීතිඥ සංගමය සමග මහනුවරදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ පවතින අඩුපාඩු හා නීතිඥ සංගමයට පවතින ගැටළු පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා අවස්ථා කිහිපයකදී මගෙන් ඉල්ලීම් කළා අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණයට එන්න කියලා .ඒ අනුව දිනයක් ලබාදීලා අපි ආවා. අධිකරණයේ පවතින අවශ්‍යතා පිළිබදව විනිසුරුවරුන් සමග සාකච්ඡා කළා. අද වන විට අධිකරණ ඉතිහාසයේ කිසිම දවසක නොදුන් පරිදි අධිකරණ පද්ධතියේ සංවර්ධනයට අවශ්‍ය පහසුකම් ලබාදීලා තියෙනවා. ඒ සදහා ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා සහාය උපරිමව ලබා දෙනවා. ගරු මංගල සමරවීර මුදල් අමාත්‍යතුමා විශේෂ ස්තුතියක් පිරිනමන්න ඕන. අවුරුදු තුනකින් රට අනිත් පැත්ත පෙරළන්න බැහැ. මහනුවර අධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ල අළුත් වැඩියාව සදහා රුපියල් මිලියන 300 ක් යනවා. එය මේ වසරේ අව වැය යෝජනා වලට ඇතුළත් කරලා තියෙනවා. 2004 වසරේ මේ අධිකරණ සංකීර්ණය විවෘත කරලා තියෙන්නේ. වසර 14 කින් ප්‍රතිසංස්කරණය කරලා නැහැ. එහෙම කළා නම් මේ තරම් මුදලක් වෙන් කරන්න ඕන නැහැ.

අපේ රටේ ඉතිහාසයේ දියුණුම අධිකරණ පද්ධතියක් තිබුණා. එහෙත් එය අද වන විට පස්සට ගිහිල්ලා. අධිකරණ පද්ධතිය ස්වයංක්‍රීයකරණ කටයුතු දැන් ආරම්භ කරමින් පවතිනවා ඒ තුළින් අධිකරණ කටයුතුවල කාර්යක්ෂම තාවය තවදුරටත් වැඩි වනවා.විනිසුරුවරුන්ගේ වැටුප් වසර ගණනාවකින් වැඩි වෙලා තිබුණේ නැහැ. අපි වැඩි කළා මොකද අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්න ඉස්සෙල්ලා විනිසුරුවරුන් ස්වාධීන කරන්න ඕන. මහනුවර අධිකරණ සංකීර්ණයේ සී.සී.ටී.වී.කැමරා පද්ධතිය සවි කිරීම පිළිබදව කථා කළා .ඒ පිළිබදව අපි සාකච්ඡා කරලා තීරණය කරන්නම්. අගවිනිසුරුවරුන් බලෙන් ගෙදර යැවු යුගයක ඉදලා හැමදේම වෙනස් කරන්න වෙලා තියෙනවා. අද අධිකරණය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන කරලා තියෙනවා යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.

අපි අධිකරණයට බලපෑම් කරලා තියෙනවා කියලා කවුරු හරි කියනවා නම් ඕනෑම අභියෝගයක් අධිකරණ ඇමති විදිහට භාර ගන්න සුදානම්. අද අධිකරණයේ හැමදේම ස්වාධීන කරලා තියෙනවා. නීතිඥයින් වන ඔබ සෑම විටම වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කර ගන්න ඕන. අපි හෙට මේ තනතුරුවලින් යන්න පුළුවන් එත් අපි රටක් ලෙස ඉදිරියට යන්න ඕන. හත් ලක්ෂ පනස් දාහක් අධිකරණවල  නඩු තියෙනවා. නීතිඥ ධුරය රැකෙන්නේ නඩු තියෙනවා නම් විතරයි. ඒත් අහිංසක මනුෂ්‍යයෙක් නඩුවකට පැටලුනොත් කුමන තත්වයක් ද කියලා අපි දන්නවා. මනුෂ්‍යයාගේ සබ්බ සකල මනාවම නැති වෙනවා. ඒ නිසා නඩු වලට පැටලී සිටින ජනතාව ගැනත් අපි කල්පනා කළ යුතුයි. අපි නඩුවලට පැටලිලා ඉන්න ජනතාව පිළිබදව මැදිහත්ව සිතන්න ඕන. අද බන්ධනාගාර තුළ සිදු වන දේ නිසා ලොකු කඩා වැටීමක් තියෙනවා. මේවා හදන්න ඕන. 2013 වන විට මත් කුඩු එහා මෙහා යන මධ්‍යස්ථානයක් බවට මේ රට පත් වෙලා තිබුණා. ඒ නිසාම අද මේ මත් කුඩු ගම්වල පැතිරිලා. මමත් ඇමතිතුමාත් හෙට බලයේ නැතිවෙන්න පුළුවන් ඒත් මේ රට ඉදිරියට යන්න ඕන යැයි ද අධිකරණ අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

The post 2013 වන විට මත් කුඩු එහා මෙහා යන මධ්‍යස්ථානයක් බවට මේ රට පත් වෙලා තිබුණා – ඇමතිනිය කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();