Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මරණීය දණ්ඩනය අහෝසි කිරීමට සැරසෙයි.

Malayasian

මරණීය දණ්ඩනය අහෝසි කිරීමට අදාළ කෙටුම්පත ලබන සතියේ රැස්වන පාර්ලිමේන්තු සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත බව මැලේසියා ආරංචි මාර්ගවල සඳහන් වේ.

“සියලු ආකාරයේ මරණීය දණ්ඩන අවලංගු කරනවා. එයට තිත තබනවා” යැයි කියා මැලේසියාවේ නීති කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍යය දාටුක් ලේව් වුයි කෙඔන්ග් (Datuk Liew Vui Keong ) මැලේසියා විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවයකදී මාධ්‍යයට පවසා ඇති බව සඳහන් වේ.

එරට නීතිය ප්‍රකාරව මරණීය දණ්ඩනය ලබා දෙන්නේ මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම, රාජ්‍යද්‍රෝහී ක්‍රියාවල යෙදීම, ත්‍රස්ත ක්‍රියාවල නියැලීම, පැහැර ගැනීම්වල යෙදීම, ගිනි අවි ස්වාමීත්වයේ තබාගැනීම සහ මත්ද්‍රව්‍යය ජාවාරම්වල නිරතවීම යන වැරදිවලට වැරදිකරුවන් වන පුද්ගලයන්ට එරෙහිවය.

මේ අනුව පළමුව කී වැරදිවලට වැරදිකරුවන් වූ පුද්ගලයන් 1200කට අධික සංඛ්‍යාවකට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වීමට දැනට නියමිතව ඇති බවත් මෙයින් පුද්ගලයන් 799දෙනෙකු වැරදිකරුවන් වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වීම සම්බන්ධයෙන් බවත් ඒ අතර විදේශිකයන් 416 ක් සිටින අතර මරණිය දණ්ඩනයට නියම වූ පුද්ගලයන් සිව්දෙනෙකු පසුගිය වසරේදීත් එල්ලා මරණු ලැබූ බවත් සඳහන් වේ.

මැලේසියා බලධාරීන් මරණීය දණ්ඩනය අහෝසි කිරීමට ගත් තීරණය පිළිබඳව ඇම්නස්ටි ජාත්‍යන්තරය සහ මානව හිමිකම් සංවිධාන රාශියක් ප්‍රසාදය පළ කර ඇති බවත් පැවසේ.

The post මරණීය දණ්ඩනය අහෝසි කිරීමට සැරසෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();