සංචාරක වීසා මත ඕස්ට්‍රේලියාවේ සේවයේ යෙදීමට අවස්ථාව ඇතැයි සඳහන් කරමින් විදෙස් ශ්‍රමිකයන් ඒ සඳහා ඔවුන් උනන්දු කරවන ආකාරයෙන් නීතිවිරෝධී ලෙස පැතිර යන රැකියා දැන්වීම ව්‍යාජයක් බව ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එම නිවේදනයේ සඳහන් කර ඇති පරිදි: “සංචාරක වීසා මත ඕස්ට්‍රේලියාවේ රැකියාවල නිරතවීම සඳහා විදෙස් ශ්‍රමිකයන්ට අවසර නොලැබේ. ශිෂ්‍ය වීසා මත ඕස්ට්‍රේලියාවේ සිටින්නන්ට රැකියාවල නිරතවීම සඳහා අවස්ථාව ලැබෙනුයේ සතියකට පැය 20 ක කාලයක් පමණක් බවත් අවධාරණය කෙරේ. ”
එසේම මෙම සීමා සම්බන්ධයෙන් දැඩි අවධානයකින් හා දැඩි පාලනයක් කටයුතු කරන බව ද එහි සඳහන් ය.
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ඩේන්ට්‍රි ආසන්න ප්‍රදේශයකට පසුගිය අගෝස්තු 26 වැනිදා සේන්දු වූ වියට්නාම අනවසර සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාව ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ බළකායේ දැඩි ආරක්ෂණ විධිවිධානවලින් මිදී එරටට ඇතුළු වීමත් සමඟ ඕස්ට්‍රේලියාව තම දේශ සීමා ආරක්ෂාව හා මුර සංචාර තව දුරටත් දැඩි කොට ඇතැයි ඕස්ට්‍රේලියා දේශසීමා මෙහෙයුමේ අණ දෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පීටර් ඔස්බෝර්න් පවසයි.
The post සංචාරක වීසා මත ඕස්ට්‍රේලියාවේ සේවයේ යෙදීමට අවස්ථාව ඇතැයි නීතිවිරෝධී ලෙස පැතිර යන රැකියා දැන්වීම ව්‍යාජයක්. appeared first on Lanka News Column.
0 Comments