ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ, වෙරළබඩ ප්‍රදේශයට බලපෑ මයිකල් සුළි කුණාටුවෙන් නිවාස හා දේපළ රැසකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.
ෆ්ලොරිඩාහි ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ, ඉන් ප්‍රාන්තයේ ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් කර ඇති බවත් බොහෝ පවුල් සඳහා සියලු දේවල් අහිමිව ඇති බවත් ය. මෙම සුළි කුණාටු අවදානම හමුවේ පුද්ගලයින් 370,000ක් ආරක්ෂිත ස්ථාන කරා යැවීමට කටයුතු කළ බව ඇමෙරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසා තිබේ.
මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් පසුගියදා ෆ්ලොරිඩා, ඇලබාමා, ජෝර්ජියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරිණි.
The post ජන ජීවිතය අඩපණ කළ ‘මයිකල්’. appeared first on Lanka News Column.
0 Comments