හෙද සේවාව තුල කාලයක් තිස්සේ නොවිසදී ඇති ගැටළු ගණනාවක් නිරාකරණය කිරීමට ආණ්ඩුව හා බලධාරීන් පියවර නොගැනීම නිසා සමස්ත ලංකා හෙද සංගමය විසින් පසුගිය කාලය තුලදී විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා ලදී. නමුත් එකී ගැටළු විසදීමට අදාළ පාර්ශව අසමත්ව ඇති බව ඔවුන් සඳහන් කර සිටී.
01. 2016-2017 වසර සදහා හිඟ අතිකාල ලබා නොදීම.
02. ශ්‍රේණිගත උසස්වීම් සදහා ගෙවිය යුතු හිග වැටුප් නොගෙවීම.
03. හෙද හෙදියන්ට විදෙස් ගතවීමට ලබාදුන් විශේෂ නිවාඩු වසර 10 ක සේවා කාලයක් සදහා අත්හිටුවීම.
යන ප්‍රධාන ගැටළු නිරාකරණය කර දෙන ලෙස බලකරමින් ඔක්තෝබර් 02 දින පොළොන්නරුව මහ රෝහලේ සියළුම හෙද කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ කිරීමට සමස්ත ලංකා හෙද සංගමය කටයුතු සංවිධානය කර ඇති බවත් වාර්ථා වේ.
වයඹ පලාත් සභාව හැර අනෙකුත් සියළුම පළාත් සභා සහ ඇතැම් මධ්‍යම රජයේ රෝහල්වල අදාල දීමනා ගෙවා ඇතත්, පොළොන්නරුව, අනුරාධපුර, කොළඹ ශ්‍රි ලංකා ජාතික රෝහල ආදී බොහොමයක් රෝහල්වල අදාල කිසිදු ගෙවීමක් සිදුකර නැති බවත් සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කර සිටී.
එසේම ඇතැම් රෝහල්වල මාස 03 ක අදාළදීමනා ගෙවීමේ ප්‍රෝඩාකාරී වැඩ පිළිවෙලකට ආණ්ඩුව යොමුවී ඇති බවත් එයට විරෝධය පලකිරීමද මෙහි අරමුණක් බවත් එසේම හෙද ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම, වැටුප් විෂමතා නිවැරදි නොකිරීම, දින 05 සතිය ලබානොදීම, ආදී හෙද සේවාවට සංවේදී අනෙකුත් ගැටළු කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු කිරීමද මෙම විරෝධතාවයේ අරමුණ බවත් සමස්ත ලංකා හෙද සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටී.
The post හෙට මහ රෝහලේ හෙද හෙදියන් අසනීප නිවාඩු. appeared first on Lanka News Column.
0 Comments