Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැඩි මිලට සීනි අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම්.

A shopkeeper removes sugar from the sack at his shop in Mumbai, India on Monday, July 9, 2007. Sima Dubey/Bloomberg News.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු සීනි සඳහා පැනවූ උපරිම සිල්ලර මිල උල්ලංඝණය කරන වෙළෙඳුන් සොයා දීපව්‍යාප්ත වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කර සිටී.

උපරිම මිල අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 100 ක මිලකටත්, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 105 කටත් අළෙවි කළ යුතු වෙයි.

එසේම කිසිම ආනයනකරුවෙකු සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 92 කට වඩා වැඩි මිලකට වෙළෙඳාම් නොකළ යුතු බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති අනුර මැද්දෙගොඩ  සඳහන් කර සිටින්නේ, එම මිල ගණන් ඉක්මවා සීනි අළෙවි කරන ස්ථාන පිළිබඳව පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය දැනුවත් කරන ලෙසයි.

The post වැඩි මිලට සීනි අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();