දිවයිනේ පවතින වැසි තත්ත්වය අද (06) සහ හෙට දිනයේහිදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව නිවේදනය කර සිටී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මධ්‍යම, ඌව, සඹරගමුව, වයඹ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවත් සඳහන් වේ.
එමෙන්ම උතුරු මැද සහ දකුණු පළාත්වලත් මන්නාරම, වවුනියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එමප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හෙට (07) සවස දක්වා මුහුදු රළ මීටර් 2.0-2.5 ක් පමණ දක්වා (මෙය ගොඩබිමට එන රළ නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් සුළු වශයෙන් ගොඩබිමට පැමිණිය හැකි බවත් කාළගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
දිවයිනට බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර,හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
The post අද සහ හෙට වැසි තත්වයේ වර්ධනයක්. appeared first on Lanka News Column.
0 Comments