Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලීසිය-මාස්ටර් වී.අයි.පී නිජබිම් සටන හොකී ශූරතා දිනයි

මාතලේ දිසා විශේෂ අසෝක හිදගොඩ

මාතලේ විජය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධාන කරන නිජබිම සටන සමස්ත ලංකා විවෘත අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික හොකී තරගාවලියේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය දිනාගත් අතර කාන්තා ශූරතාව මාතලේ මාස්ටර් වී.අයි.පි. ක්‍රීඩා සමාජ පිලට හිමිවිය.

19 වැනි වරටත් පැවැති තරගාවලියේ පිරිමි අංශයේ පළිහ ශූරතාව යුද හමුදා යාන්ත්‍රික රෙජිමේන්තු පිලට සහ බඳුන ශූරතාව යුද හමුදා යුධ උපකරණ රෙජිමේන්තු පිලටද හිමිවිය.

පිරිමි කණ්ඩායම් 30ක සහ කාන්තා කණ්ඩායම් 7ක සහභාගීත්වයෙන් මේ තරගාවලිය පසුගියදා මාතලේ එඩ්වඩ් ද සිල්වා හොකී ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පිරිමි අවසන් තරගයේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පිල ගෝල 2-1කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පොලිස් පිලට හැකිවිය. ශූරතාව දිනු පොලිස් පිල වෙනුවෙන් සදරුවන් ප්‍රියලංක හා තිළිණ පෙරේරා ගෝල වාර්තා කළ අතර, අනුශූරතාව දිනු ආරක්ෂක විශ්වවිද්‍යාල පිල වෙනුවෙන් එකම ගෝලය වාර්තා කළේ සම්පත් බණ්ඩාරනායක විසිනි. ශූරතාව දිනු පොලිස් පිල චතුරංග දිනේෂ් විසින්ද අනුශූරතාව දිනු ආරක්ෂක විශ්වවිද්‍යාල පිල රමල් ධර්මරත්න විසින්ද මෙහෙයවුහ.

මාස්ටර් ශ්‍රී ලංකා සහ මාතලේ මාස්ටර් පිල අතර පැවති කාන්තා අවසන් මහා තරගයේදී තරග කාලය තුළ ගෝල 1-1 ලෙස දෙපිලම සම දක්ෂතා දැක්වීම මත පසුව ලබාදෙන ලද දඬුවම් පහරවලදී ගෝල 1-0ක ජයක් මාතලේ මාස්ටර් පිලට හිමිවිය. ශූරතාව දිනු මාතලේ මාස්ටර් පිල ශිරෝමි අතුරුපාන විසින්ද, අනුශූරතාව දිනු මාස්ටර් ශ්‍රී ලංකා පිල නිශාන්ති කුඹුරේගම විසින්ද මෙහෙයවුවාය.

මේ අවසන් මහා තරග ඩී.ආර්.බී. දිසානායක, ඉන්දික ජයවර්ධන, එස්.එන්.ජයසිංහ සහ එස්.එන්.ජීවානන්ද යන විනිසුරුවන් විසින් විනිශ්චය කළහ.

මේ තරගාවලියේ සමාප්ති උළෙල හා ජය සංකේත ප්‍රදානය මාතලේ පුරපති ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මේ අවස්ථාවට විජය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ලේකම් අනුර නවරත්න, තරග අධ්‍යක්ෂ මේජර් බි.ජි.ආර්. ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු ක්‍රියාකාරින් රැසක් එක්වුහ.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙසේය.

දක්ෂතම ක්‍රීඩකයා - සදරුවන් ප්‍රියලංක (ශ්‍රී ලංකා පොලිසිය) දක්ෂතම දැල් රකින්නා - යසෝජ මධුරංග හේරත් (ආරක්ෂක විශ්වවිද්‍යාලය)

දක්ෂතම ක්‍රීඩිකාව - සෝභිතා මෙන්ඩිස් (මාස්ටර් ශ්‍රී ලංකා) දක්ෂතම දැල් රකින්නිය - භාග්‍යා කොඩිතුවක්කු (මාතලේ මාස්ටර්)

ඡායාරූප - මාතලේ දිසා විශේෂ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();