Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඥානසාර හිමිගේ අභියාචනය ඉවතට.

Bodu Bala Sena Secretary Ven_ Galagoda Aththe Gnan

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නියම වී ඇති වසරක සිර දඬුවම අහෝසි කොට එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඥාණසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් තීන්දු කර ඇති බව වාර්ථා වේ.

එම අභියාචනය ඊවා වනසුන්දර, නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බලා ඇත.

තීරණය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ඊවා වනසුන්දර විවෘත අධිකරණයේ සඳහන් කර ඇත්තේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත මෙම අභියාචනය ප්‍රතික්ෂේප කළ බවයි.

එහිදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය  පවසා ඇත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට චෝදනා  හතරක් එල්ල කර තිබෙන අතර ඒවා ඉදිරිපත් කර ඇති ආකාරය නීතියට පටහැණි බවයි. එමෙන්ම මේ හේතුවෙන් උන්වහන්සේට පණවා තිබෙන දඬුවම්ද නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා තිබේ.

එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රොහාන්ත  අබේසූරිය සඳහන් කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් පවතින බවයි.

නඩු  විභාගය අතරවාරයේ විවෘත අධිකරණය කරුණු දැක්වූ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන පවසා ඇත්තේ  අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය බැඳී සිටින බවයි.

The post ඥානසාර හිමිගේ අභියාචනය ඉවතට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();