Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාමල් කුමාර CIDයට.

Namal_Kumara

දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇතැයි වාර්ථා වේ.

මේ අතර දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද(26) දිනයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණය දැනුම් දී තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ මෙම නියෝගය ලබාදුන් බව සඳහන් වේ.

ඒ අනුව අද(26)  පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් නාමල් කුමාර,  රස පරික්ෂක දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වෙයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා විසින් සැලසුම්  කළ බව කියන ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පසුගියදා නාමල් කුමාර තොරතුරු අනාවරණය කළේය. ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ විට විට පුද්ගලයින් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා  සහ නාමල් කුමාර  අතර සිදු වු බව කියන දුරකතන සංවාදය සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණ සිදු කරන කණ්ඩායම්වල අවධානය යොමුව ඇති අතර අදාළ දුරකතන හඩ පටය රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇති බව සඳහන් වේ. ඒ අනුව එහි සටහන්ව ඇති කටහඩ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා නාමල් කුමාර ට රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම්දි ඇත.

මෙම හඬපට සම්බන්ධ පරික්ෂණ වාර්තා ඉදිරි සතිය තුළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ලැබීමට නියමිත අතර ඉන් පසු මේ සම්බන්ධයෙන් ඉදිරි විර්ශන කටයුතු සිදු කිරිමට නියමිත බව පැවසේ.

මේ අතර වත්මන් ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙන්ම හිටපු ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව තමන් දැනුවත්ව සිටි බවට නාමල් කුමාර  සමග සබඳකම් පැවැත්වූ ඉන්දීය ජාතිකයෙකු පවසා ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

The post නාමල් කුමාර CIDයට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();