Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පරාක්‍රම බස්නායකට ලෝක කැරම් සම්මේලනයේ උපසභාපති තනතුර

දකුණු කොරියාවේ පැවති 5 වන ලෝක කුසලාන කැරම් ශූරතාවලියට සමගාමීව පවත්වන ලද ජාත්‍යන්තර කැරම් සම්මේලනයේ විශේෂ මහාසභා රැස්වීමේදී එහි උපසභාපති ලෙස ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක මහතා නිතරගයෙන් තේරී පත්විය.

හිටපු රේගු අධ්‍යක්‍ෂකවරයකු වන පරාක්‍රම බස්නායක මහතා ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජයේ සභාපතිවරයාද වන අතර, රාජ්‍ය සේවා හොකී සංගමයේ සහ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමයේ උපසභාපතිවරයාද වේ.

ජාත්‍යන්තර කැරම් සම්මේලනය මගින් සිව් වසරකට වරක් පවත්වනු ලබන මෙම මහා සභා රැස්වීම හා නිලවරණයේදී මෙවර එහි සභාපතිවරයා ලෙස හිටපු සභාපති ස්විට්සර්ලන්තයේ ජෝශප් මේයර් මහතා තේරී පත්වූ අතර, මහලේකම් වරයා ලෙස ඉන්දියාවේ වී.ඩී.නාරායන් මහතා තෝරාගන්නා ලදී.

ශ්‍රී ලංකාවට ලෝක කුසලාන කැරම් ශූරතාව හිමිවීම, ජාත්‍යන්තර කැරම් සම්මේලනයේ උපසභාපති තනතුර හිමිවීම යන ස්වර්ණමය අවස්ථාවන් උපයෝගී කරගනිමින් මීළඟ ආසියානු කැරම් ශූරතාවලිය එළඹෙන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටත්, සාර්ක් ක්‍රීඩා තරගාවලිය, ආසියානු ක්‍රීඩා තරගාවලිය, පොදුරජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල යන සුවිශේෂී ජාත්‍යන්තර තරග අවස්ථාවන් සඳහා කැරම් ක්‍රීඩාව ඇතුළත් කිරීම වැනි කටයුතු රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට පරාක්‍රම බස්නායක මහතා බලාපොරොත්තු වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();