උපනන්ද ජයසුන්දර මහනුවර ක්‍රීඩා විශේෂ
ශ්‍රී ලංකා පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙලේ විනිශ්චයකරුවන් තිදෙනෙක් මහනුවර මහ නගර සභාවේ ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් දායාද කර ඇත. ඩබ්. ඒ. ප්‍රියන්ත, එම්. ජමාල්දීන්, සහ කේ. රවීන්ද්‍රන් එම විනිශ්චයකරුවෝ වෙති.
ඩබ්. ඒ ප්‍රියන්ත පාපන්දු සහ මළල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර තරග නියෝජනය කළ අයෙක් වන අතර ඔහු පළමු පෙලේ පාපන්දු විනිශ්චයකාරවරයෙකි. ඔහු 1994 වර්ෂයේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් මෙහෙයවන ලද දින 10 ක පුහුණු සැසි වාරයටද සහභාගී වී ඇත. එෆ්.ඒ. කුසලාන තරග, බ්‍රිස්ටල් ලීග් තරග මහනුවර ලීග් තරග, ක්‍රිස්ටල් ලීග්, සුපර් ලීග්, සහ ජාතික ක්‍රීඩා තරග වර්ෂ තුල ඔහු විසින් විනිශ්චය කර ඇත. එම්. ජමල්ඩීන් ද ඉහත සඳහන් තරග විනිශ්චය කර ඇති අතර දෙදෙනාම වර්ෂ 30 කට වැඩි වර්ෂ ගණනකදී පාපන්දු විනිශ්චයේ නියැලී ඇත. ජමාල් යන සුරතල් නමින් හඳුන්වන ඔහු ෆීෆා විිනිසුරුවන් සඳහා පවත්වන පුහුණු සැසියට සහභාගී වී ඇත. මහනුවර මහ නගර සභාවෙන් දායාද කර ඇති තුන්වැනි පාපන්දු විනිශ්චයකාරවරයා වන්නේ කේ. රවින්ද්රන්ය. ඔහු පළමුපෙලේ පුහුණු කරුවකු වන අතර පුහුණුව ආරම්භ කරන ලද්දේ 1992 වර්ෂයේය. පාපන්දු විනිශ්චයකාරවරයෙකු වශයෙන් මෙතෙක් පාපන්දු තරග 500 කට වැඩි ප්‍රමාණයක් විනිශ්චය කර ඇත.
0 Comments