Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා‍ ශූරතාවලිය

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර
ගීෂා මුණසිංහ

දක්ෂතම 6 දෙනාට වසරකට 60000ක් බැගින් දීමනාවක්

මෙරට ඉපැරණිතම පාසල් මලල ක්‍රීඩා තරගාවලිය වන ශ්‍රීමත් ජෝන් ටාබට් පසල් මලල ක්‍රීඩා තරගාවලිය මේ මස 19 වැනි දා සිට 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

88 වැනි වරටත් සංවිධාන වන මෙවර තරගාවලියට අඛණ්ඩව 8 වැනි වරටත් සිලොන් බිස්කට් පුද්ගලික සමාගමේ ‘රිට්ස්බරි’ අනුග්‍රාහකත්වය සපයයි.

සිලෝන් බිස්කට් සමාගම මේ වසරේ සිට තරගාවලියට අනුග්‍රාහකත්වය සැපයීමට අමතරව ක්‍රීඩා උළෙලේ වයස් කාණ්ඩයන්ගේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනාට මසකට රු.5000 බැගින් ලබා දීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැති අතර එහිදී සී.බී.එල්.ආයතනයේ සාමාන්‍යාධිකාරි (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා පැවැසුවේ මේ ක්‍රීඩා උළලේ දී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කරගැනීම සඳහා පාසල් මලල ක්‍රීඩා සංගමයේ අධීක්ෂණය යටතේ මසකට රු.5000ක් බැගින් වසරකට රුපියල් 60000ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවයි.

එය සංකේවත් කරමින් පසුගිය වසරේ පැවැති තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනකුට මුදල් ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.

ඒ අනුව ඩී.එම්.එච්.එස්.කරුණාරත්න (වලල ඒ රත්නායක), එච්.එම්.බිමාෂි අස්මිකා (කුලියාපිටිය ම.ම.වි.), එච්.එස්.සඳිනි කවීෂා (දික්වැල්ල විජිත ම.ම.වි.), ඩිලාන් මධුසංක (කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල ම.වි.), සඳමිණි බණ්ඩාර (කෑගල්ල සා.ජෝශප් බා.වි.) සහ ඩී.එම්.ඩී.එස්.රත්නසිරි (ඇඹිලිපිටිය මොරකැටිය ම.වි.) ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා සුදුසුකම් ලබාසිටියහ.

ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ලෙසින් පැවැත්වෙන ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ ජ්‍යෙෂ්ඨ තරග අවුරුදු 16, 18 සහ 20න් පහළ ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4500කට ආසන්න පිරිසක් එක්වීමට නියමිතය.

පාසල් මට්ටමින් කුසලතා පිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමත් ඔවුන් දිරිගැන්වීම ජාතික වගකීමක් වනු බැවින් ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කර ගනිමින් මෙරටට ජාතික සහ ජාත්‍යන්තර කීර්තියක් අත්කර ගැනීමට උපකාරීවනු ඇති බවත් එබැවින් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුල්‍ය අනුග්‍රහයක් ලබාදෙන බවත් නිලුපුල් ද සිල්වා මහතා කියා සිටියේය.

මේ අවස්ථාවට එක්වූ අධ්‍යාපන අමාත්‍යවරයාගේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා පැවැසුවේ මෙරට පැරණිතම ක්‍රීඩා උළෙල වන මෙය මෙරට ඉතාමත් දක්ෂ ජාතික හා ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්‍රීඩිකාවන් බිහිකල තොතැන්න වන බවයි.

මේ ක්‍රීඩා උළෙලට අනුග්‍රාහකත්වය සැපයීම පිළිබඳ සී.බී.එල්.ආයතනයට ස්තුතිය පුද කරන අතර දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට මූල්‍ය දීමනා ලබාදීමේ ක්‍රියාදාමය පිළිබඳව ද සතුටට පත්වන බවයි.

‘දක්ෂ ක්‍රීඩක ක්‍රිඩිකාවන් හයදෙනෙකුට මූල්‍යම ආධාර ලබාදීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ඔවුන් ඉතාමත් දුෂ්කර ගමනක් තමයි පැමිණ තිබෙන්නේ. ඔවුන් මේ ගමන පැමිණ තිබෙන්නේ ප්‍රශ්ණ මතින් ඔවුන් දිරිගැනි විම ඉතාමත් වැදගත් දෙයක්. ඒ අයට මේ ආධාර ලබාදුන්නම ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු කරගත හැකියි.‘

‘මෙතන සිටින යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකා සිවුදෙනෙක් එළැඹෙන ඔක්තොම්බර් මස 2 වැනි දා ලෝක යොවුන් ඔලිම්පික් තරගාවලියට පිටත්ව යනවා. ඉන් එක් ක්‍රීඩිකාවක් අද ලෝකයෙන්ම දෙවැනියාට හොඳම කාලය වාර්තා කරන ක්‍රිඩිකාවක්. ඇය ජයගත්තොත් එය අපට ආඩම්බරයක්.‘

ශ්‍රී ලංකාවේ සිටින ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ද මෙවර තරගාවලිය නියෝජන කරන අතර මෙමගින් බිහිවන දක්ෂයන් හඳුනාගෙන ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළක් ඉදිරියට රැගෙන යායුතු බවද ජයවීර මහතා පැවැසීය.

මීට සමගාමීව පැවැත්වෙන කනිෂ්ඨ ක්‍රීඩා උළෙල ලබන මස 17 දා සිට 19 වැනිදා දක්වා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහි මූලික වටයේ තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකවෝ 9500 පමණ එක්ව සිටි අතර කාණ්ඩ 4ක් යටතේ අදියර තුනකින් තරග පවත්වා පළාත් මට්ටමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකවෝ 4500ක් අවසන් අදියරට එක්ව සිටිති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();