Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මූලික වටයේදීම ශ්‍රී ලංකාවට අභියෝග රැසක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

හොංකොං රාජ්‍යයේ හැපි වැලි නුවර හොංකොං පාපන්දු ක්‍රීඩාංගණයේදී අද (14) ඇරැඹෙන ආසියානු සත් සාමාජික පළමු අදියරේ රග්බි තරගාවලියේ මූලික වටයේදි ශ්‍රී ලංකා පිලට අභියෝග කිහිපයකට මුහුණදීමට සිදුවනු ඇත.

අද තරගාවලියේ දී ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.28 චීනය හමුවේ තරග වැදීමට නියමිතය. අත්දැකීම් බහුල ක්‍රීඩකයන් රැසක් සමන්විත චීනය වෙතින් අද තරගයේදී ශ්‍රී ලංකා පිලට දැඩි අභියෝගයක් එල්ලවනු ඇත. ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනකුම සහභාගි නොවන බැවින් සූරියබණ්ඩාරට යොවුන් ක්‍රීඩකයන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබාගැනීමට සිදුවී තිබේ.

හෙට පැවැත්වෙන කුසලාන වටයේ අවසන් පූර්ව තරගයට යාමට නම් මූලික වටයේදී තරග 2ක් ජයගැනීමට ශ්‍රී ලංකාවට සිදුවී තිබේ. චීනය සමග පැවැත්වෙන පළමු තරගයෙන් පසුව අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.46ට ප්‍රබල ජපානය සමග තරග වදියි. මේ තරග 2 අතරින් එක් තරගයක් ජයගැනීම ශ්‍රී ලංකා පිලට කුසලාන වටයේ අවසන් පූර්ව තරගයේ දොරටු විවර කෙරෙන අවස්ථාවක් වේ. හෙට ශ්‍රී ලංකා පිල මූලික වටයේ අවසන් තරගයට චීන තායිපේ පිල සමග ක්‍රීඩා කරන අතර එහි ජයග්‍රහණය හිමිකර ගැනීම ශ්‍රී ලංකා පිලට අසීරු කරුණක් නොවනු ඇත.

ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායමත්, සන්දිපා හේමකුමාරිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමත් හොංකොං තරගාවලියට එක්වී සිටී.

කාන්තා තරගාවලියට එක්වී සිටින ශ්‍රී ලංකා පිල තරගාවලියේ ආරම්භක තරගයට ක්‍රීඩා කරන්නේ කසකස්තානය සමගය. එය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.00ට ආරම්භ කෙරේ. අනතුරුව අද මධ්‍යහ්න 12.56ට සිංගප්පූරුව සමග තරගය පැවැත්වෙයි. ශ්‍රී ලංකා කාන්තා පිලේ මූලික වටයේ අවසන් තරගය හෙට පෙරවරු චීනය සමග ශ්‍රී ලංකා වේලාවෙන් 7.30ට පැවැත්වෙයි.

මෙවර ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ පළමු කණ්ඩායම් 3ට ලබන වසරේ පැවැත්වෙන හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වීමේ අවස්ථාව උදාවෙයි. චීනය දැනටමත් ඒ අවස්ථාව අත්කරගෙන සිටී.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම - ශ්‍රීනාත් සූරියබණ්ඩාර (නායක), ගයාන් වීරරත්න, දනුෂ දයාන් (මහනුවර ක්‍රීඩා සමාජය), කවිඳු පෙරේරා, රීසා රෆායිඩීන්, කෙවින් ඩික්සන්, රෙහාන් සිල්වා (සී.ආර්), නවීන් හේනකංකානම්ගේ, සුදම් සූරියආරච්චි (සී.එච්.), බුද්ධිම පියරත්න, අදීෂ වීරතුංග (නාවික), දිනුක් අමරසිංහ (හැව්ලොක්ස්)

කාන්තා රග්බි කණ්ඩායම - සන්දිපා හේමකුමාරි (නායිකා), චරනි ලියනගේ, අනූෂා අත්තනායක, තනූජා වීරක්කොඩි, එන්.ජේ.කේ.දිල්රුක්ෂි, සංජු විජේතිලක, වාසනා වීරක්කොඩි, අයේෂා කළුආරච්චි, ශානිකා මධුමාලි, අයේෂා පෙරේරා, දුලානි පල්ලිකොන්දගේ, රන්දිකා කුමුදුමලී

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();