Ticker

6/recent/ticker-posts

Header Ads Widget

26 වැනි සිංගර්-එම්.සී.ඒ. ප්‍රීමියර් ලීග් හෙට ඇරැඹේ

Author(s): 
ගීෂා මුණසිංහ

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය වාර්ෂික සංවිධාන කරන වෙළෙඳ සේව ‘ප්‍රිමිය ලීග්’ ක්‍රිකට් තරගාවලිය හෙට (15) ඇරැඹෙයි. තරගාවලිය සඳහා අඛණ්ඩව 26 වැනි වරටත් අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන්නේ සිංගර් ශ්‍රී ලංකා සමගමයි.

2019 වසරේ වෙළෙඳ සේවා ක්‍රිකට් තරග ආරම්භ කරමින් පළමු තරගාවලිය ලෙස පැවැත්වෙන මේ තරගාවලියට කණ්ඩායම් 10ක් එක්ව සිටී. ලීග්, පිළිමළුන් පිටුදැකිම හා විස්සයි 20 යන කාණ්ඩ තුන යටතේ තරගාවලි තුනක් සංවිධාන වන අතර සියලුම කණ්ඩායම් මේ තරගාවලි තුනම නියෝජනය කරයි. මාස් ඉන්ටමේට් සැලූට් ප්‍රථමවරට මේ තරගාවලියට එක්ව සිටින අතර වසර 25 ක් අඛණ්ඩව තරගාවලිය නියෝජනය කළ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම මෙවර තරගාවලිටය ඇතුළත්ව නැත.

‘ලීග්’ කාණ්ඩයෙන් තරග 45ක් පැවැත්වීමට නියමිත අතර එම තරග හෙට සිට ලබන මස 7 වැනි දා දක්වා පැවැත්වේ.

තරග 9ක් ඇතුළත් පිලිමළුන් පිටුදැකීමේ වටය ඔක්තෝම්බර් 10 වැනිදා අරම්භ වන අතර 20 වැනිදා වොළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන් තරගය පැවැත්වෙයි.

විස්සයි 20 තරගාවලිය ඔක්තෝම්බර් 23 සිට 28 වැනිදා වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මාස් ඉන්ටමේට් යුලිචෙල්, ටී.ජේ. ලංකා, එල්.බී.ෆීනැස්, ඩිමෝ, කර්මාෂල් ක්‍රෙඩිට්.සම්පත් බැංකුව, ජොන් කීල්ස්, කන්චි ෆීනැස්, හේලීස් සමුහ ව්‍යාපාරය හා මාස් ඉන්ටර්මාට් සැලූට් යන කණ්ඩායම් තරගාවලිය එක්ව සිටී.

ජයග්‍රහකයන්ට සිංගර් අභියෝගතා කුසලානය පිරිනැමීමට නියමිත අතර අනු ශූරතාවට අමතරව කාණ්ඩ දෙකෙන්ම විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරන කණ්ඩායම සහ ක්‍රීඩකයන්ටද කුසලාන පිරිනැමීමට නියමිතය.

ලීග් කාණ්ඩයේන් දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නා, ලීග් කාණ්ඩයේ තුන් ඉරියව්වෙන්ම කැපීපෙනෙන ක්‍රීඩකයා හා තරගාවලියේ වීරයාට කුසලාන පිරිනැමීමට නියමිත අතර පිලිමළුන් පිටුදැකීමේ කාණ්ඩයෙන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට කුසලාන පිරිනැමීමට නියමිතය.

විස්සයි 20 කාණ්ඩයෙන් දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දුයවන්නා හා අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට කුසලාන පිරිනැමෙන අතර සමස්ත තරගාවලියේම සුවිශේෂ ක්‍රීඩකායාට සිංගර් ශ්‍රී ලංකා පිරිනමන අඟල් 55 රුපවාහිනියක් හිමිවෙයි.

තරගවලිය ගැන මාධ්‍ය හමුවක් පසුගියදා වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ පැවැති අතර වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රොෂාන් ඉද්දමල්ගොඩ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ සිංගර් ශ්‍රී ලංකා ආයතනය තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් නඟා සිටුවීම සඳහා අඛණ්ඩව 26 වසරක් වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සමග අත් වැල් බැදගෙන සිටින බවයි.

විවිධ අංශ ඔස්සේ කුසලතා පූර්ණ තරුණ ක්‍රීඩට් ක්‍රීඩකයන් හා ජාතික තලයේ ක්‍රීකට් ක්‍රිඩකයන් එක්ව තරග කරන ප්‍රිමිය ලීග් තරගාවලියට 26 වැනි වරටත් එක් විම දිගු ගමනක් යයිද ක්‍රිකට් ක්‍රිඩාවට පමණක් නොව මෙරට පැවැත් වෙන සමස්ථ ක්‍රීඩවටම සිංගර් ශ්‍රී ලංකා ආයතනය හැම විටම අන්‍රග්‍රාකත්වය පිරිනමන බවත් ඉදිරියේදීත් එය එසේම සිදු කිරිමට කැපවී සිටින බවත් ජාතික ක්‍රීකටි කණ්ඩාමට වසර ගනනාවක් සිංගර් අනුග්‍රාකත්වය ලබාදුන් බවත් ඉදිරියේදීත් අවශ්‍ය මොහොතක එය ඉටු කිරිමට කැපවි සිටන බවත් සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂක වෙළෙද කුමාර් සමරසිංග මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය.

මාධ්‍ය හමුවට සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අධ්‍යක්ෂක වෙළෙද කුමාර් සමරසිංහ, එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රවර්ධන කළමණාකරු කේ.ඩී.එස්. කණිෂ්ක වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ ප්‍රධාන ලේකම් නලීන් වික්‍රමසිංහ, එහි උප සභාපති රෝහණ දිසානායක, තරගවලියේ කමිටු සභාපති සුජීව ද සිල්වායන මහත්වරුද එක්ව සිටියහ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();