Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෛත්‍රී-ගෝඨා ඝාතන තැත ගැන නාමල් කුමාරගෙන් රහස් පොලීසිය මහ රෑ ප්‍රශ්න කරයි.

Maithri_Gotabhaya

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  ඝාතනය කිරීමට දියත් වූ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පසුගියදා දූෂණ විරෝධී බලකාය මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළිදරව් කළේය. එහිදී ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා  සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද අනාවරණය කෙරිණි.

මේ සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති අතර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව පැවසේ.  පසුගිය 14 වැනිදා නාමල් කුමාරගේ වරකාපොල පිහිටි නිවසට පැමිණි රහස් පොලිස් නිලධාරීන් ඔහුගෙන් ප්‍රකාශය සටහන් කරගෙන ඇති  බවත් එදින රාත්‍රී 11 සිට පසුදා උදේ 6.15 පමණ වනතුරු රහස් පොලිස් නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බවත් වේ.

නාමල් කුමාරගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සිදුකළා යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් විශේෂ විමර්ශන ඒකකය හරහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්  ඒ අනුව විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පළමුව නාමල් කුමාරගෙන් ප්‍රශ්න කර ඇති අතර ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් සිදුව ඇති බවත්  පැවසේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයකට අනුව මේ වනවිට අදාළ පරීක්ෂණ කටයුතු රහස් පොලීසිය වෙත පවරා ඇති බව ද වාර්තා වේ.

මේ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රකාශය ඇතුළත් හඬපටය සහිත ජංගම දුරකතනය අද (17) රහස් පොලීසිය වෙත බාරදෙන ලෙස ද රහස් පොලිස් නිලධාරීන් නාමල් කුමාර වෙත දැනුම් දී ඇත.

දූෂණ විරෝධී බලකාය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ මාකඳුරේ මදුෂ් නමැති මේ වනවිට රටින් පළාගොස් සිටින පාතාල නායකයා හරහා මෙම ඝාතන සිදු කිරීමට කුමන්ත්‍රණයක් දියත් වූ බවයි.

The post මෛත්‍රී-ගෝඨා ඝාතන තැත ගැන නාමල් කුමාරගෙන් රහස් පොලීසිය මහ රෑ ප්‍රශ්න කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();