Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ධූරය ඉවතට?

Sarath_fonseka

පසුගිය සති කිහිපය තිස්සේ ආරක්ෂක අංශ සහ යුද හමුදාපතිවරයා දැඩි ලෙස විවේචනය කළ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ධූරය ඉවත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.  ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතුව ඇති බවත් පැවසේ.

මේ වනවිටත් ජනාධිපතිවරයා එම තීන්දුව ගැන සිය උපදේශකයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත්  සරත් ෆොන්සේකා විසින් කරන ලද විවේචන ගැන යුද හමුදාවේ දැඩි කනස්සල්ල ආරක්ෂක අමාත්‍යවරයාද වන ජනාධිපතිවරයා වෙත හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් විසින් දැනුම්දී ඇතැයි ද සඳහන් වේ.

මේ ගැන රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක් සමග අදහස් දක්වා ඇති බවත් ජනාධිපතිවරයා අමාත්‍ය ෆොන්සේකා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට අගමැතිවරයා සමග සාකච්ඡාවක් කරන බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.

ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් ධුරය නැතිනම් කැබිනට් ධූරය යන දෙකින් එකක් අහිමි විය හැකි බව එම ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය එස්.බී දිසානායක සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

The post ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ධූරය ඉවතට? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();