Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළමු වසරට දරුවන් ඇතුළත් කිරීම – අසාධාරණයක් සිදුවී ඇත්නම් තොරතුරු දැනගැනීමේ පනත පාවිච්චි කරන්න.

RTI

පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීමේ දී යම් අසාධාරණයක් සිදු වී ඇතැයි පෙනීයන්නේ නම් තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබා දී ඇති අවස්ථා උපරිම ප්‍රයෝජනයට ගනිමින්  ඒ පිළිබඳව අදාළ නිලධාරීන් සහ විදුහල්පතිවරුන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, මව්පියන්ගෙන් ඉල්ලා සිටී.

යහපාලන රජය බලයට පැමිණීමෙන් පසු රජයේ සියලු කටයුතු උපරිම විනිවිදභාවයකින් හා සාධාරණ ලෙස සිදුකිරීමටත් රජයේ කටයුතු සම්බන්ධ තොරතුරු බාධාවකින් තොරව මහජනතාව වෙත ලබාදීමටත් තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වා දෙනු ලැබූ බව අධ්‍යාපන අමාත්‍යවරයා ජනතාවට සිහිපත් කර සිටී.

පාසල්වල පළමු වසරට ඇතුළත් කරගන්නා සිසුන්ගේ නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීමෙන් පසු තමන් ඉල්ලා සිටි පාසලට තේරී නොමැති සිසුන් වෙනුවෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි අතර තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ  තොරතුරු ඉල්ලා සිටීමට ද හැකියාව උදා වී තිබේ.
එසේම ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් යම් දරුවකු පාසලකට ඇතුළත් කළ හොත් 2019 වර්ෂය සඳහා රජයේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයට අදාළව එම දරුවා එම පාසලින් ඉවත් කිරීමට ද සිදුවනු ඇති බව සඳහන් වේ.

පාසල්වලට නවක සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ උපදෙස් අනුව සියලු විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු බව අවධාරණය කරන අමාත්‍යවරයා දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීමට අදාළ ලේඛන ප්‍රසිද්ධියට පත්කිරීමේ දී ඉල්ලුම්කර ඇති ගණය, ඊට අදාළව ලබා ගත් ලකුණු මෙන්ම අදාළ අනෙකුත් තොරතුරු ද ප්‍රසිද්ධියට පත්කරන ලෙස ද උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ පුරවැසියන්ගේ සක්‍රීය ක්‍රියාකාරිත්වය පෙන්වන මෙවැනි ක්‍රියා මගින් තොරතුරු දැනගැනීමේ පනත බලගැන්වීම මෙන්ම රාජ්‍ය සේවය, සාධාරණ මහජන හිතකාමී සේවයක් බවට ද පත්කරලිය හැකි බවයි.

The post පළමු වසරට දරුවන් ඇතුළත් කිරීම – අසාධාරණයක් සිදුවී ඇත්නම් තොරතුරු දැනගැනීමේ පනත පාවිච්චි කරන්න. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();