ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ලබන මස 6 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැත්වෙන තෙවැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඩයලොග් අනුග්‍රහය හිමිවෙයි.
මලල ක්‍රීඩාවට 20 දෙදෙනෙක්, දුනු විදීම 2ක්, දෘශ්‍යාබාධිත චෙස් 2ක්, පිහිනුම් 2ක්, වෙඩි තැබීම 3ක්, රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් තිදෙනෙක් සමග මේස පන්දු, බර එසවීම හා බැඩ්මින්ටන් ක්‍රීඩකයකු බැගින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ ක්‍රීඩා උළෙලට එක්වීමට නියමිතය.
මින් පෙර පැවැති ක්‍රීඩා උළෙල ද්විත්වයෙදීම ශ්‍රී ලංකාව පදක්කම් 22කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට සමත් විය.
එහිදී අවසන් වරට 2014 වසරේ පැවැති තරගාවලියේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 7ක් දිනා ගැනීමට හැකිවිය.
මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරාඔලිම්පික් තරඟාවලියේ පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්ත හේරත් (හෙල්ල විසිකිරීම) වැනි ලෝක මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඉහළ ශ්‍රේණිගත උපුල් ඉන්දික චූලදාස (මීටර් 100 - 200) සම්පත් හෙට්ටිආරච්චි (හෙල්ල විසිකිරීම) ඇතුලුව ආසියාතික මට්ටමේ හැකියාවන් සහිත තවත් බොහෝ පදක්කම් දිනාගත් සම්පත් බණ්ඩාර (දුනු විදීම), දිනේශ් දේශප්‍රිය (මේස පන්දු), ගාමිණී දිසානායක (රෝදපුටු ටෙනිස්) ආදී ජයග්‍රාහකයන් රැසක් සහභාගී වෙති.
ආසියානු පැරාක්රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බල ගැන්වීම සඳහා සහයෝගය දැක්වීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ජාතික පැරාඔලිම්පික් කමිටුවේ (NPC) ප්‍රධාන අනුග්‍රාහක ඩයලොග් ආසිආටා සමාගම ලබා දුන් සහයෝගය විශේෂයෙන්ම සඳහන් කළ යුතු බව ජාතික පැරාලිම්පික් කමිටු සභාපති මේජර් ජෙනරාල් රාජිත අම්පේමොහොට් මහතා පවසයි.
“ශ්‍රී ලංකාවට කීර්තිය හා ගෞරවය ගෙන එන මේ මලල ක්‍රීඩකයන්ට සහාය ලබා දීමට 2002 සිට මේ දක්වා ඩයලොග් සමාගම ජාතික පැරාඔලිම්පික් කමිටුව (NPC) සමග හවුල් වී සිටීම සතුටකි. ශ්‍රී ලංකාවේ මීට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය ජාත්‍යන්තර මට්ටමෙන් පැවැති තරඟ වලදී ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කර ඇති බැවින් මලල ක්‍රීඩකයන්ට ශක්තියක් වෙමින් ජාතික හා අන්තර්ජාතික විශිෂ්ටත්වය සඳහා අනුග්රාහකයකු ලෙස ඩයලොග් සමාගම අඛණ්ඩව කටයුතු කරනවා” යැයි ඩයලොග් ආසිආටා සමාගමේ සාමාන්‍යාධිකාරී (වෙළෙඳනාම සහ මාධ්‍ය) හර්ෂ සමරනායක මහතා කියා සිටියේය.
0 Comments