Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විග්නේශ්වරන් අධිකරණය හමුවට.

C.V. Vigneswaran_ Northern Province Chief Minister

අධිකරණයට අපහස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන්  අභියාචනාධිකරණය හමුවේ පෙනී සිට ඇතැයි සඳහන් වේ.

උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ  බී.ඩෙනිෂ්වරන් එම තනතුරෙන් ඉවත් කිරීමට ගත් තීරණය ඉකුත්දා අත්හිටවු අභියාචනාධිකරණය ඩෙනීෂ්වරන් එම අමාත්‍ය තනතුරේ නැවත පිහිටුවන මෙන් අතුරු නියෝගයක් නිකුත් කර තිබුණි. එම අතුරු නියෝගය මේ දක්වා ක්‍රියාත්මක නොකිරීම තුළින් වගඋත්තරකාර ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණය වෙත නැවත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ල සලකා බැලූ අභියාචනාධිකරණය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා වගඋත්තරකාර ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් වෙත  නොතීසිද නිකුත් කර තිබිණි.

The post විග්නේශ්වරන් අධිකරණය හමුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();