Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිංගප්පූරු ගිවිසුම ගැන ජවිපෙන් අත්පත්‍රිකාවක්.

jvp
ශ‍්‍රී ලංකා ආණ්ඩුව සහ සිංගප්පූරු රජය අතර අත්සන් කරන ලද ගිවිසුම පිළිබඳව මේ වනවිට ඇත්තේ විශාල කතාබහකි. නමුත් එහි බරපතළකම පිළිබඳ ජනතාව අවශ්‍ය ගැඹුරින් වටහාගෙන නොමැති බවද කතාබහක් තිබේ. මේ සම්බන්ධයෙන් ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු වූයේ දේශපාලන තත්වය පිළිබඳව ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

“ලංකාවම නිදහස් වෙළඳ කලාපයක් වෙන්නයි යන්නේ. ඒ විතරක් නෙවෙයි භාණ්ඩ වර්ග 3500ක පමණ බදු නිදහස් වෙනවා. ක්‍රමානුකූලව තවත් භාණ්ඩ වර්ග 3500ක ආනයන බදු නිද හස් කරන්න බලාපොරොත්තුෙ වන්වන්නේ. මූල්‍ය, අධ්‍යාපන, ප‍්‍රවාහන, සෞඛ්‍ය, නීතිය, උපදේශන, ශ‍්‍රමික ආදී සේවා ක්ෂේත්‍ර ගණනාවක පුද්ගලයන්ට සහ සමාගම්වලට මැදිහත් වෙන්න දොර ඇරෙනවා. නමුත් අපේ රටේ ව්‍යාපාරිකයෝවත් මේ ගැන අවශ්‍ය ප‍්‍රමාණයට මැදිහත්වී මක් නැහැ.” සුනිල් හඳුන්නෙත්ති කිවේය.

“මාධ්‍යවේදීන්ටත් මේ ගැන හොඳම අදහස් නැහැ වගේ පේනවා. මාධ්‍යවේදීන් දැනුවත් කරන්න විශේෂ දැනුවත් කිරීමක් සංවිධානය කළොත් හොඳයි. මොකද මේ ගැන සංවාදය හදන්න වෙන්නේ මාධ්‍ය තුළින්. ” වසන්ත යෝජනා කළේය .

“අපි මේ ගැන ජනතාව දැනුවත් කරන පත‍්‍රිකාවක් බෙදමු. ඊට අමතරව විද්වතුන්, ව්‍යාපාරිකයින් සහභාගි කරවාගෙන සම්මන්ත්‍රණ මාලාවක් පටන් ගමු” ටිල්වින් සිල්වා විසින් කළ යෝජනාවට සියලු දෙනාගේ එකඟතාව පළ විය.

The post සිංගප්පූරු ගිවිසුම ගැන ජවිපෙන් අත්පත්‍රිකාවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();