Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමුද්‍රයේ නීති විරෝධී කටයුතු නිරීක්‍ෂණයට බ්‍රිතාන්‍යයෙන් රේඩාර් චන්ද්‍රිකාවක්.

Britan

සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයට අයත් මුල්ම රේඩාර් චන්ද්‍රිකාව, ඉන්දීය අභ්‍යාවකාශ යානයක ආධාරයෙන් කක්‍ෂගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.  NovaSAR යනුවෙන් හඳුන්වන එම චන්ද්‍රිකාවට ඕනෑම කාලගුණ තත්ත්වයක් තුළ මෙන්ම දිවා රාත්‍රී වෙනසකින් තොරව පෘථිවිය මතුපිට ඡායාරුප ගැනීමේ හැකියාව ඇති බව සඳහන් වේ.

මෙම යානාව මගින් බහු කාර්යයන් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත්, විශේෂයෙන්ම සැක කටයුතු නාවුක කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා එය උපකාරී කරගැනීම එහි සැලසුම් කරුවන්ගේ මූලික අභිප්‍රාය වී ඇති බවත් පැවසේ.

සාමාන්‍ය ආලෝක තත්ත්වයකදී ඉහළ තත්ත්වයේ දර්ශන ලබා ගන්නා චන්ද්‍රිකාවකට, එහි රොකට්ටුව මගින් NovaSAR සම්බන්ධ කර ඇති බවත් සඳහන් වේ.

S1-4 යනුවෙන් හඳුන්වන මෙම අභ්‍යවකාශ යානයට පෘථිවිය මත ඇති සෙන්ටි මීටර් 87 ක් තරමේ කුඩා වස්තුවක් වුවද පැහැදිළිව දැකීමේ හැකියාවෙන් යුක්ත බවත් මෙම S1-4 සහ NovaSAR නිෂ්පාදනය කරන ලද්දේ මහා බ්‍රිතාන්‍යයේ ගිල්ෆඩ්හි (Guildford) පිහිටා ඇති සරේ අභ්‍යාවකාශ තාක්ෂණ සමාගම (Surrey Satellite Technology Limited) මඟින් බවත් සඳහන් වේ.

එක්සත් රාජධානියේ ඉංජිනේරුවරු අභ්‍යවකාශ රේඩාර් සම්බන්ධයෙන් ප්‍රවීණතා ඇති අය වුවද, ඔවුන්ගේ තාක්‍ෂණය සැමවිටම යොමුවූයේ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය වැනි ආයතන සඳහා ලබාදුන් පුළුල් මෙහෙයුම් වෙතය. කෙසේ නමුත්, චීස් සිහින් ලෙස වෙන්කර ගන්නා හිල් සහිත උපකරණයේ හැඩය ගත් NovaSAR අනන්‍ය ලෙස බ්‍රිතාන්‍ය නිමැවුමක් වන බව පැවසේ.

තෙල් විසිරියාම්, ගංවතුර සහ වනාන්තර නිරීක්ෂණය, ව්‍යසන ප්‍රතිචාර දැක්වීම් සහ පලදාව තක්සේරු කිරීම වැනි බහු කාර්ය සඳහා මෙය ක්‍රියාත්මක වන බවත් කෙසේ නමුත්, එමගින් සිදුවන ආකර්ශනීයම කටයුත්ත සමුද්‍රය නිරීක්‍ෂණය කිරීම වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.

The post සමුද්‍රයේ නීති විරෝධී කටයුතු නිරීක්‍ෂණයට බ්‍රිතාන්‍යයෙන් රේඩාර් චන්ද්‍රිකාවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();