ස්වීඩනයේ අගමැති ස්ටෙෆාන් ලොවන්, එරට විශ්වාසභංගයෙන් පරාජයට පත්ව තිබේ.
මෙම විශ්වාසභංගය පැවැත්වීමේ අරමුණ වී ඇත්තේ රාජ්‍ය නායකයා ඉවත්කර පාර්ලිමේන්තුව විසුරවා හැරීමයි. පාර්ලිමේන්තුවේ සභිකයන් 349 දෙනෙකුගෙන් ඔහුට විරුද්ධව ඡන්ද 204ක් ද ඔහුට පක්ෂව 142ක් ද හිමිවිය.
ඔහුගේ ඉවත්වීමත් සමඟ අගමැති තනතුර සඳහා නව අපේක්ෂකයෙකු පත්කිරීම පිළිබඳ ස්වීඩන් පාර්ලිමේන්තුවේ කතානායක ඇන්ඩ්‍රේස් නෝලෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීම ආරම්භකර තිබේ.
ඉදිරි සතියේ දී අගමැති තනතුර සදහා නව අපේක්‍ෂකයෙකු ඒ අනුව පත් කිරීමට නියමිතය.
0 Comments