උපනන්ද ජයසුන්දර මහනුවර ක්‍රීඩා විශේෂ
වසර 9කට පසු ආසියානු නෙට්බෝල් කිරුළ දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කිහිපදෙනකු පිළිගැනීමේ උත්සවයක් පසුගියදා මහනුවර නගර ශාලාවේදී මහනුවර පුරපති කේෂර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා පිල නියෝජනය කළ රුවිනි යටිගම්මන, ගයාන්ජලී අමරවංශ, තිළිණි වත්තේගෙදර, ගයනි දිසානායක සහ සුරේකා ගමගේ මේ උත්සවයට එක්වූයේ මහනුවර දළඳා මැදුරේ විශේෂ පූජාවකට එක්වීමෙන් අනතුරුවය.
මේ අවස්ථාවට මධ්‍යම පළාත් නෙට්බෝල් සංගමේ සභාපතිනිය හා මධ්‍යම පළාත්සභා මන්ත්‍රිනී ශාන්තිනී කොන්ගහගේ, මධ්‍යම පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කුමුදු කරුණාරත්න, උප පුරපති ඉලාහි ආබ්දීන්, ජ්‍යෙෂ්ඨ මහනගර සභා මන්ත්‍රි එස්. මරික්කාර්, නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මිහුද මේ අවස්ථාවට සහභාගි වුහ.
0 Comments