රාගම සමූහ
මැලේසියාවේ ෆිනෑන් නගරයේදී රටවල් 26 ක සහභාගීත්වයෙන් පැවැති ආසියා ෆැසිෆික් ප්රවීණයන්ගේ තරගාවලියේදී මීටර් 100 සහ 200 ඉසව් නියෝජනය කළ සොනාලී විමලදාස එහි රන් පදක්කම් දිනාගත් අතර පිහිනුම් ඉසව්ව නියෝජනය කරමින් එක්වූ රොෂිත් පෙරේරා මීටර් 50 සහ 100 ඉසව්වලින් රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
පිහිනුම් ඉසව් නියෝජනය කළ චන්ද්රිකා ගුණවර්ධන රන් පදක්කමක් හා රිදී පදක්කම්2ක්ද, නිම්නාද් අන්සාරි මීටර් 100 සහ 200 ධාවන තරගයෙන් රිදී පදක්කම්ද දිනා ගනිමින් ප්රවිණයන්ගේ ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට කීර්තියක් අත්කර දුන්හ.
සොනාලි ඇය ලද මේ ජයග්රහණය හමුවේ මලල ක්රීඩා ශූරී සුසන්තිකා ජයසිංහ, නතාෂා ෆොන්සේකා සහ ඉසුරු ෆොන්සේකා යන පුහුණුකරුවන්ද සොනාලිගේ සැමියා විමලදාස මහතාද සෙනෙහසින් මතක් කර සිටින්නීය. වසර ගණනක නිහැඩියාවකින් පසු තමා ලද ජයග්රහණය මත ඉදිරියේදී තව තවත් තරගවලට එක්වන බවද පැවසුවාය.
රෝෂිත් පෙරේරා පැවසුවේ වසර ගණනක නිහැඩියාවකින් පසු තමාට ජය ග්රහණය කරා යෑමට පුහුණුව දුන් මහේෂ් කරුණාරත්න මහතාට සිය ස්ත්තුතිය පුදකර සිටියේය.
ඡායාරූපය - රාගම සමූහ
0 Comments