Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝඨාගේ තහනම් නියෝගය දිගුවෙයි.

gotabhaya-rajapaksha

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවක් විභාග කිරීම අත්හිටුවමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගයක් දෙසැම්බර් මස 05 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කර ඇතැයි සඳහන් වේ. ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ එම පෙත්සම අද(28) අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය සිදු කර ඇත.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත්තේ  මෙම නඩුවට අදාළ විරෝධතා අද දින ඉදිරිපත් කරන බවයි. ඒ අනුව නඩුවට අදාළ ප්‍රති විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ගේ පාර්ශ්වයට ඔක්තෝම්බර් මස 19 දක්වා අධිකරණය කල් ලබා දී තිබේ.

ඒ අනුව පෙත්සම නොවැම්බර් මස 30 වනදා යළි කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය දැනට නිකුත් කර තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් මස 05 වනදා දක්වා දීර්ඝ කරන බව නියම කර ඇත.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ  අභියාචනාධිකරණය හමුවේ කියා ඇත්තේ ඉකුත් රජය සමයේ ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11. 4 පාඩු කළේ යැයි චෝදනා කොට තමා ඇතුළු විත්තිකරුවන්  8 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවයි.

එම නඩුව පැවරීම සඳහා අල්ලස් කොමිසම විසින් ගනු ලැබූ තීරණයට අදාළ ලිඛිත අනුමැතිය එම කොමිසම විසින් අධිකරණය හමුවේ ගොනු කර නොමැති බැවින් එම නඩුව ප්‍රතික්ෂේප කරන ලෙස තම පාර්ශව විසින් මූලික විරෝධතාවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ ද එම විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාග කිරීමට කොළඹ මහේස්ත්‍රාත් වරයා තීන්දු කළ බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා අභියාචනාධිකරණය සඳහන් කර තිබේ.

මහේස්ත්‍රාත්වරයාගේ එම තීරණය නීති විරෝධී යැයි  ප්‍රකාශ කරන මෙන් ඉල්ලා තමා කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ ද එම ප්‍රතිශෝධන පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළ බවද ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් තමන්ට එරෙහිව ගොනුකළ නඩුව පවත්වාගෙන යාමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝග නීති විරෝධී බවට තීන්දු  කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින ගෝඨාභය රාජපක්ෂ  මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමාට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයක් අත් හිටුවීමෙ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

The post ගෝඨාගේ තහනම් නියෝගය දිගුවෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();