Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගාමිණී සෙනරත්ගේ නඩුව දිනපතා විභාගයට.

Gamini_Senarath

ඉකුත් රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝබර් මස 29 දා සිට දිනපතා විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කර තිබේ.

එම නඩුව අද සම්පත් අබේකෝන්(සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා ඇත්තේ එම නඩුවට අදාළව සාක්ෂිකරුවන් පොලිසියට ලබාදුන් ප්‍රකාශ සමඟ ඇතැම් ලේඛන බැඳී පවතින බවත් මෙම නඩුවට මුහුණදීම සඳහා එම ලේඛන ද තමන් වෙත ලබා දීම අවශ්‍ය බවත් ය.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ  අධිකරණයට දන්වා ඇත්තේ අදාළ ලේඛන ලබන සිකුරාදාට පෙර විත්ති  පාර්ශව වෙත ලබාදීමට පියවර ගන්නා බවයි.

ලේඛන හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් රජයේ සහ විත්තිකාර පාර්ශවයේ නීතිඥවරුන් දක්වන සහයෝගය පිළිබඳව අධිකරණය ප්‍රසාදය පළ කරන බව සඳහන් කළ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මෙම නඩු විභාගය සාර්ථක කර ගැනීමට විත්ති සහ පැමිණිලි පාර්ශවයේ නීතිඥවරුන්ගෙන් ලැබෙන සහාය ඉතා වැදගත් වන බව ද පවසා ඇත.

අනතුරුව නඩු විභාගය ඔක්තෝම්බර් මස 29 සිට දිනපතා පැවැත්වීමට පියවර ගන්නා බව සඳහන් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට සාක්ෂි කරුවන් හතර දෙනෙකුට අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි දන්වා නියෝගයක්ද නිකුත් කර ඇතැයි සඳහන් වේ.

කෙසේවෙතත් විත්තියට ලබාදිය යුතු ලේඛන නිසියාකාරව ලැබී තිබේද යන්න පිළිබඳව පරික්ෂා කිරීම සඳහා නඩුව නැවත මේ මස 28 වන දා කැඳවන බවද විනිසුරුවරු සඳහන් කර තිබේ.

The post ගාමිණී සෙනරත්ගේ නඩුව දිනපතා විභාගයට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();