Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නියොමාල් රංගජීවට ඇප.

court-hammer

වැලිකඩ සිරකරු ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව අභියාචනාධිකරණයේ නියෝගය පරිදි ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(27) නියම කළ බව වාර්ථා වේ.

සැකකාර නියොමාල් රංගජීව ඇප ලබාදෙමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති නියෝගයේ පිටපතක් අද මෝසමක් මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ  හමුවට ඉදිරිපත් කර ඇත. එය සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ  අභියාචනාධිකරණය නියෝගය පරිදි මෙම සැකකරු ඇප මත මුදා හරින බව නියම කර තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරිදා රහස් පොලිසියට වාර්තා කළ යුතු බවටද නියම කර ඇත.

එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර  අධිකරණය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවට වැඩිදුරටත් නියම කර තිබේ.

The post නියොමාල් රංගජීවට ඇප. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();