නගරයේ සහ රටේ සංවර්ධන වේගය අඩාල වී ඇත්තේ බොහෝ රාජ්ය නිලධාරීන් තවමත් හණ මිටි අදහස්වලට කොටු වී සිටීම නිසා බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක අවධාරණය කර සිටී. ඇය මෙම අදහස් පළ කළේ, ඊයේ කොළඹ පැවති උත්සවයක් අමතමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු කොළඹ පුරපතිනි රෝසි සේනානායක,
“අපේ මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න. ඔවුන් පුරුදු වෙලා ඉන්නේ සහප හැම විටම සූදානම් වෙලා ඉන්නේ පරණ තැටියම කරේ තියා ගෙන දුවන්න. අලූත් විදිහට දකින්න, අලූත් විදිහට හිතන්න අපේ ජනතාවත් රාජ්ය නිලධාරීනුත් බොහොමයක් කැමති නැහැ.
රාජ්ය නිලධාරීන් බොහොමයක් තවමත් ඉන්නේ හණ මිටි අදහස්වලට කොටුවෙලා. සංවර්ධනය ගමට නොයන්න ඒක ප්රධාන හේතුවක්. අපේ කොළඹ මහා නගර සභාවේත් ඉන්නවා ඒ විදිහේ බොහෝ පිරිසක්. අපි අපේ මනස හදා ගත්තේ නැත්නම් අලූත් විදිහට හිතන්න, කවදාවත් අපිට ඉස්සරහට යන්න බැහැ.
ඔබ කොහොමද ඔබේ පරිසරයට සලකන්නේ ඔබ කොහොමද ඔබේ ජාතියට සළකන්නේ, ඔබේ ජනතාවට ඔබ කොහොමද සලකන්නේ සහ 21 වෙනි ශතවර්ෂය ඔබ පිළිගන්නේ කොහොමද කියන එක මත තමයි අපේ අනාගතය තීරණය වෙන්නේ.” යැයි පැවසීය.
The post රෝසිගෙන් රාජ්ය නිලධාරීන්ට චෝදනාවක්. appeared first on Lanka News Column.
0 Comments